Untitled 1

ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන - සහන් කසීර වික්‍රමසිංහ

රෝස පෙති පෙතිම මිස
යළි කිසි දිනක මල් නොවෙන
මගහැරුණු උයන්දොර
නොතිත් බැල්මෙන් හිඳින
ගර්ඩාය
තවමත් රෝස සුවඳ
එදා මෙන් හඳුනන

හිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන
සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන
කායේ ය
අඳුරු විශ්වය ඈත
පිසාචයෙකියි දැන සිටින
ඇසග රැඳි වීදුරු කැබලි
දැක දැකම - එ නොදන්නා සේ හිඳින

වෘක වග වළසුන් රැළකි
ඈත හිමගිර මාලිගාවකි
එක්ව විසඳිය යුතුම
හරස් පද ප්‍රෙහේලිකාවකි

කායේ ය
මිදී යන සීතලම
පරම සුවයක් සිතන
අතීතය අමතකව
රෝස මල් නාඳුනන
විශ්වයේ ඈත කොණ
උණුසුමට ලොබ බඳින
ඉදින් - ඇසග වීදුරු කැබලි
රැඳෙන්නට ඉඩ හරින


ගර්ඩාය
රෝස මල් මතකයකි
සුවඳ පමණක් දැනෙන
නිදහසේ දිවි ගෙවන
ඉඳහිට උයන්දොර දකින
සාංකාව එහිම තබා එන
රෝස මල් කොහිදැයි නොසොයන

Top