1150 x 80 px

මොකටද මචං සත පනහේ සුබ පැතුම..?? - සම්පත් කුරුප්පු ආරච්චි

එරබදු තිබේ ගස් උඩ අව් රුදු වාරේ
හොරකම් වැසේ ඇඳුමින් සිංහල ආරේ
කිරි බත් තියා වතුරත් නැති උන් පාරේ
ධනපති ලිපේ ගල් නැතුවත් කිරි බේරේ

දෙපසට බෙදී උන් හැමදා කඹ අදින
ලිස්සන ගහේ පීඩිතයෝ කොඩි හොයන
අහවර නොමැත තරඟය තව බොරු කියන
ජීවන තරඟ ඇත ගම හරහා දුවන..

වේලක් නැතුව කුස පිරෙනව වේලකට
එක ඇඳුමකින් ගත වහනව නැති කමට
තව බර දමා නැග ජීවන කර උඩට
මොන මගුලකට ආවද මූ මේෂයට...

රටටම බත සදා උන් කුස ගිනි වැඩුම
ටී වී රේඩියෝ හෙළු වහනා නැ‍ටුම
නොබලා නොකන උන්ගේ දුක් ගී ගැයුම
මොකටද මචං සත පනහේ සුබ පැතුම..??

Top