Untitled 1

ආසා.....! - රෝහණ පොතුලියද්ද

කෙල කෝටියක් ආත්මයන් පසුකර
නොනිමි ගින්නකය මම
සන්තානයම නැග සිටී යවටක්ව......
එන්න,මා මායාවී දිය ඌල.

උමතු සද මඩල
වෘකයින් දඩයම් කරන හෝරාව මේ...
දේව දූතියන් යක්ෂයන් මත
නිදිවදින යුගාන්ධකාරය මේ..

උකු මීදුම් ගලන
මිටියාවතින්
ඔබ එන්න

මා මායාවී.....

සුසුදු දුහුලක් පටලා...
සිහිලැල් නිතඹ සොලව සොලවා...
කොඳ කැකුළු දසන් මැද..
පිහි තුඩක් රදවා ....

ඔබ එන්න ....

රදවන්න,ඔය සීතලම දසගිලි
දැවෙන මා කෙහෙරැලි අතර
මේ හොදම හෝරාවයි
අරඹන්න මරණයේ ක්‍රීඩා ව.......

පිපාසයි නම් ගිල දමන්න
මා ගෙල රුධිර නාල විනිවිද ..
________________
සදාතනික මිලින නිවනින් සැනසෙන
සුදුමැලි මා සිරුර මත
ලේ තැවරුණු දෙතොල් මුද්‍රාව තබා ...
මීදුමක, මිටියාවතක ,දියවෙන්න.......
ඔබ එන්න......

Top