Untitled 1

මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳ​ක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද?

කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන
දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන
කම්හලට මහමගට ජීවිතය සින්නවෙන
දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන

කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන
වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන
මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින
රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන

පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන
කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන
පැරදිච්ච පිලේ සිට වදනින්ම රට හදන
පෙරේතම අමනුන් ය​ හැම තැනම ගිනි තියන

ගර්ජනය තර්ජනය උපවාස සෑම තැන
රාත්තල නොමැතිනම් වර්ජනය සිත පිනන
බර වැඩිම යුතුකමට යටවිච්ච වගකීම
අතරමැද ඇඹරිච්ච මිනිසුන්‍ ය පණ යදින

මහලු ලෙඩ පණ අදින පැවදි රූ ගිනිගන්න
දෙමළ මුස්ලිම් සිහළ බෙදන වැට ඉනි බඳින
රට විරුවෝ උණු වතුර කොඳු දිගේ වැක්කෙරුන
ගෙදර එන විට කටින් හදන ප්‍රතිපත්ති මන

ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින
මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන්‍ යන

katusuhadawatha.blogspot.com

Top