1150 x 80 px

සාමය - අනුරසිරි හෙට්ටිගේ

මිය ගියේ සතුරකු ම නම්
උන් ගතින් රතු ලෙයක් නොවැගිරේ
මිය ගියේ මිනිසකු ම නම්
පොළෝ තලයම ලෙයින් නැහැවේ.
ලෝ තලේ හැම යුද බිමක්
ලේ විලක් වූ අරුම කිම්දැ යි
විමසනා කිසිවෙක් ම වේ නම්
උහු දකියි මියැදුනු මිනිසත්කම්
ලේ විලක් මැද හුදෙකලා වූ..

සමරන්න සාමය.. කුමට යුද්ධය සිහි කොට
ලෙයින් පිරියම් වූ අවි තුඩග‍ සිප.. ආචාර බුහුමන් පුදකොට
මිය ගියෝ මිනිස්සුහු යැයි සිහිකොට
දල්වන්න පහනක්.. සාමය ම මුල් කොට..

Top