Untitled 1

ඒ පිකාසෝ. මේ ඔයා ...! - වර්ණ රසිකා ගුණවර්ධන

'අහසෙ ගාන්න නිල් පාට
කඳුත් එහෙමයි
ලා නිල් , තද නිල්
නිලේම ප්‍රභේද .'

"බෑ .
මං ගාන්නෙ කොළ පාට."

'මෝඩි ,
පොළොව කොළ .
කුඹුරු යායවල්,වන වදුළු
තේ වතු,රූස්ස ගස්.'

"බෑ .
මම ගාන්නෙ තැඹිලි පාට."

'ඇට්ටරයි ,
ලේසි වෙන්නෑ ජීවිතේ
පුරුදු දේවල් කෙරුවම
ලේසියි,ලස්සණයි .'

"පිකාසෝගේ චිත්‍රවල
අමුතු අමුතු දේ තියෙන්නේ?"

'ඒ පිකාසෝ.
මේ ඔයා.
බැඳපු ගෑණියෙක්
ළමයිනුත් දෙන්නෙක්. '

Top