1150 x 80 px

එකමත් එක මිනිස්සු - සමීර ලක්ෂිත ප්‍රනාන්දු

හුස්ම වැටෙනවා කියන්නෙම
නැවත නැවතත්
පිළිස්සෙන එකම නම්...
මරණයට කොච්චර
ප්‍රේම කරනවා ඇත්ද
මිනිස්සු

කාසි වලට
ලංසු තියාපු ආත්ම ඇතුලෙ
අඩුම ලංසුවත් තුන් ඈවර නොවෙච්ච්
ජීවිතය කියන බොල් හීනයට
පණදෙන්න
දුම්රොටු මැදින් කහට කඳුළු
උගුරෙනුත් පහලටම
කොච්චරනම් හලාගන්නැතිද
කිසිවක් නොපතාම
ඒ මිනිස්සු

ස් වැදුණු ප්‍රේමයක් ගාව
දොස් කිය කියා කාසියට තාම
"අද නෑ ....හෙට " හිතපු හීන කන්දරාව
තාම බයවෙනවා ඇති
බාලගිරි දෝස වත් නැතුවාට
ඒ මිනිස්සු

Top