1150 x 80 px

සත්සරාට - සමිත බණ්ඩාර අටුවබැන්දෑල

සංගීත ඔසරිය
අඳින
මිහිරි තනු මාල වළලු
පලඳින
උස කෙට්ටු
අලුත් සංගීත මිස්
සත්සරා !


.
අලුත් පත්වීමෙන්
ඉර අව්ව වහගෙන,
මුඩුබිමේ
සංධ්වනි පැලකරයි.
පැලවලට
සංගීත වතුර දායි.
පොද වැහි වීණා වයයි.
.
සත්සරා සත්සරා……
.
සත්සරා
මං උපගුරු ධර්මසේන
අධර්මයට කට්ටිපනින.
දුෂ්කර සේවෙට ඇවිදින්
පැමිණෙන දුක් මීපැණි කන !
ආර්ථිකේ අත්ත කඩාගෙන
පෙම්ගසින් ඇදවැටී
ශෘතිය අහිමිව හොයන.
කුලී ගෙදර කරමත තබාගෙන
අඳ මව්පියො රකින.
පත්තරපිටු පීර පීර
දෑවැදි නැති පොඩි නංගිට
සක්විති රජෙක් හොයන.
.
සත්සරා
ලිව්වා මං ගීයක් කටුවට
මේ බලන්න...
"මල් මල් බෑගය ඇරලා
කටුක ගීතෙ හැඩකරන්න
මට සංගීතය
හොයලා දෙන්න.
පොළොවෙම පය ගහගෙන ඉඳින්ට
ස්වර ප්‍රශ්ථාරය ඇඳල දෙන්ට !"

Top