1150 x 80 px

වසන්තය - මල්ලිකා එම්. බණ්ඩාර

 

වසන්තය එන්නේය
ඇවිත් යළි යන්නේය​.


මල් පිපෙයි නිසොල්මන
මඟ දිගේ පිය මනින
සොඳුරු නව යව්වනේ
පිපෙන මල් පර නොවන
උද්‍යානයක් මැවූ​ වසන්තය
නුඹ එතැයි මඟ බලා හිඳිමි මම​

අතීතය පන්හිඳෙන් ලියූ පුස්කොළ පොතේ
ඉහිල්ලුන​ පත් ඉරුය මතක සැමරුම් සැවොම
පියාපත් හැඳි සලා
කුරුටු ගානා කවිය
ගිම්හාන උණුහුමෙන්
නව පැතුම් රටාවට
කැදැලි බඳිනා පිණිස​
ඉගිල්ලී යන්නේය​

නොඑන වග​ දනිමි එද​
මඟ බලා ​හිඳින්නෙමි
පිණි පොකුරු වැටෙන අළුයම් වෙලේ
​මල් මිටක් අතින් ගෙන
නුඹ යළිත් එනු ඇතැයි
වසන්තය,
මඟ බලා හිඳිමි මම.

Top