1150 x 80 px

"විශේෂ රෙසපි කවියක්" - යේශා ප්‍රනාන්දු

මට ඔබ ගැන ලියන්නට "රෙසපි කවියක්" තිබේ
කෝපි සහ චොක්ලට් නුමුසු
වයින් හා විස්කි නොතවරුණු
රාත්‍රී සාද උදුනක නොබැදුණු
අමුම අමු කවියක් තිබේ...

"මං යනෝ යන්නම" කියනකොට
මැණික් කටුවෙන් අඹරා රැගෙන
"අඩියක් හෙලවෙයන් බලන්න" කියනා,
නපුරෙකුට.., "විශේෂ රෙසපි කවියක්" තිබේ

ගෝල්ඩන් සිරප් හැඳි දෙකක් - බ්ලැක් කරන්ට් ජෑම් හැන්දක්
ටෝස්ට් පාන්පෙති දෙකක් මැදට - තව බටර් ක්‍රීම් චුට්ටක්
එකතු කල විට හැදෙන රසයට නොදෙවෙනි
ඒ කවියට දිය යුතුම නම "ප්‍රේමයම" වේ

Top