1150 x 80 px

ඔබ සිටින්නේ එතැන . - ඉසුරි කරුණාතිලක

වික්ටර් ගෙ ගීතයක
නිහඬ අවකාශයේ
සුසුම් දෙදරන තැනක
සංගීත ස්වර පෙළද
කම්පිතව
වයලිනය පමණක්ම
තනිව වැළපෙන තැනක .

කපුගේ ගෙ කටහඬේ
පාළු අඳුරුම තැනක
"කඳුළ නුඹ ආ දා" කියද්දී
කඳුළු උතුරන තැනක
පපු කුහර පළාගෙන
සංකාව නැගෙද්දී
මන්ද්ර හඬකින් මාස්ටර්
"මළ හිරු බසිනා"ගයද්දී.

තවත් ඔබ මගෙන් නො අසන්න
වේදනාවේ ගැඹුර කොපමණද.

Top