1150 x 80 px

ශෝකාලාපයක්! - මල්ලිකා එම්. බණ්ඩාර

 

පළමු පෙම්වතියගෙ නමින්
හඬන මගේ පෙම්බරා​ණ​
හඬමි මමත් ඔබ මාතින්
ගිළිහුණ දුක හිත දරාන​

පෙමත් අහිමි ඇයත් අහිමි
නුඹ වැළපෙන හැටි බලාන​
මටත් එරෙහි නුඹ වෙනුවෙන්
කෙලෙස හිඳිමි දුක බෙදාන​

දසක ගණන් ඉතිහාසේ
වැළලුණ නුඹෙ පෙම් පුරාණ​
පඳුරු ලලා දළු ලියලා
ඇවිත් මතක පිරිවරාන
නැකතට සුළඟිලි පැටලූ
රන්හූ වරපට ලිහාන​
පතිදම පළුදුව ගියාද​
ඇගෙ දෙණ ළඟ​ හිමිසඳාණ​?

අහිමිව සිහසුන උරුමය​
ගිළිහුණ අබිමන් කිරුළු
ගිනි බත් වුණ රජදහනක
රකිමි කුමට දැළි සුඹුලූ ?

පිළුණු පෙමක නටබුන් මත​
ඉදිකළ දෙවොලේ නොරඳා
පුද පෙත් තේවා කුමටද​?
දෙවියන් පිටමං වුණදා

Top