1150 x 80 px

ඔබ හිඳින තාරුකා - රසිකා ගුණවර්ධන

කල්පනාවක නිමග්නව
රැය ගෙවී යන අතරක
අතැඟිලි දුවවමි
ඔබ හිඳින තාරුකා වෙත.

දුර වැඩියි හසු නොවෙයි
නොදොඩයි මා දිහා නොබලයි
බැස යන්න මොහොතක් තියා
සංඥාවකුදු නොකරයි.

දුක් පණිවිඩ ලියූ
හසුන් එල්ලා තබමි තැන තැන
ඒ රැගත් කදෝකිමියන්
ගගන සිසාරා ඉගිළෙයි .

වර්ෂාව එයි සිත තෙමෙයි
ඉඩෝරය කල් පවතියි
අයිතිකරුවෙක් නැති
ලවණ රස පිනි බිඳක් දිදුලයි.

Top