1150 x 80 px

ලංකාවේ දාර්ශනිකයින් බුද්ධිමතුන් නව නිර්මාණකරුවන් බිහි නොවන්නේ ඇයි?

එස්. මුණසිංහ විසිනි

ලෝකයේ අනිකුත් ජාතීන් හා රටවල් ගැන සංසන්දනය කිරීමේ දී අපට පෙනෙන්ට ඇති දෙයක් වන්නේ අලුත් දේවල් හදුන්වා දෙන්නන්, නිෂ්පාදකයින්, දාර්ශණිකයින් ලංකාවේ බිහි වන්නේ ඉතාම විරල අන්දමට බවයි. 

  අපේ රටේ සෑම දෙයක්ම විදේශ රටවල සොයා ගැනීම්, විදේශ රටවල අයගේ දැනුමේ ප්‍රතිඵලයකින් ලබා ගත් තාක්ෂණයෙන් කරන ලද නිපැයුම්වල දිගුවක් මිස, අපේ රට තවමත් ස්වයංව කිසිම නව නිපැයුමක් කළ බව පෙනෙන්නට නැත. 

 එයට හේතු වශයෙන් මුලින්ම අපට දැනෙන්නේ යම් කිසි තැනක අප රටෙහි ළමා පරපුරට එවැනි නිෂ්පාදන කිරීම සඳහා පෙර පාසැල් වියේ සිටම නිදහස් චින්තනය ලැබෙන මාර්ගය වලකා ඇති බවයි. එයට මූලිකම හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ පවතින ආගම් විසින් ජනතාව එහි වහලුන් බවට පත්කර ඇති නිසාය.  අනුන් ගැන හා ලෝකය ගැන හිතන නිදහස් චින්තකයෙක් වෙනුවට, මම තහවුරු කරන පව් පිං වලට අනුව සියළුම දේවල් සිදුවන බවට ආගමික මත වාදයක කිඳා බැස ඇති නිසා, මම දියුණුවන ක්‍රමයක් ගැන සොයනවා මිසක් ඉන් එහාට ගිය දෙයක් ගැන ජනතාව නොසිතයි. මම ඇති කරන්නේත් පෝෂණය කරන්නේත් ආගම් වලින් බවයි අපට හැගෙන්නේ. 
 
දියුණු රටවල නිදහස් චින්තකයින් බිහිවීම සලසන අධ්‍යාපන ක්‍රම අප විසින් සලකා බැලිය යුතුය. එවැනි ක්‍රම ආගම්වලින් පෝෂණය සිදු නොවීම පමණක්  නොව  ඔවුන්ගේ මනස පාසැල් වියේදී සකසා ඇත්තේ පුද්ගලිකව තමා දියුණු වීමට පෙර මහජනතාවට අලුත් දෙයක් ඉදිරිපත් කිරීමටය. අලුත් නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සහතිකවම දියුණු වන බැවිනි. අද අපේ රටේ තමා දියුණුවීම පෙරටු කොට ඇති හෙයින් ලබා ඇත්තේ සීමිත පහත් දියුණුවක් පමණය. 

ආගම්වලින් දරුවන්ගේ  නිදහස් චින්තනය වැසීම පසුගිය දශක දෙක තුළ ඉතාමත් දරුණු වී ඇත. දෙමව්පියෝද මේ බව නොදැන දරුවන්ගේ මනස්වලට ආගම් ඇතුළු කිරීම රටට හානියකි.

Top