1150 x 80 px

වර්තමාන බුද්ධාගම, පන්සල හා භික්ෂුව

අද ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් මැරුණහම පාංශූකූලයට, හත්දවසේ හා තුන්මාසේ දානවලට කරන මහා වියදම මුදල් නාස්තියක්. ඒ මදිවට දැන් පන්සල්වල අළුතෙන් තුන්දා දානය කියලා එකක් හත්දවසේ දානයට කලින් මැරුණ දවසේ ඉඳලා දින 03 කිනුත් දානයක් පන්සලට ගෙනත් පූජා කරනවා. ඒ වගේම පාංශූකූලයට හා දානයට හාමුදුරුවන් වඩම්මවන්ඩ වාහන වලටත් විශාල වියදමක් දරනවා.

ඇත්තෙන්ම මෙය අපරාධයක්. උත්සවයේ කටයුතු චාම්ව කරගෙන ඉතිරි මුදල අසරණ සරණ ව්‍යාපාරයකට පරිත්‍යාග කරන්නේ නම් වඩා හොඳයි නේද?

සමහර පන්සල්වල හා බෞද්ධ සිද්ධස්ථාන වල තියෙන මූල්‍ය සංචිතයන් හා දේපල ඇති මු`ඵ ලංකාවේම සිටින බෞද්ධයින්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට. කොළඹට නුදුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සලක බැංකු ගිණුමේ පමණක් රුපියල් මිලියන 350 ක් තියෙනවා. ඊට අමතරව ඒ පන්සලට දඹුල්ල ප්‍රදේශයේ විශාල පොල් වත්තකුත් තියෙනවා. නුවර දළදා මාලිගාවේ හා අනුරාධපුර අටමස්ථානේ සතුව තියෙන මූල්‍ය සංවිතයන් හා නිශ්ඵල දේපල ප්‍රමාණය ගණන් බලලත් නැහැ. ඒ මූල්‍ය සංචිතයන් වලින් සුළු මුදලක් හෝ අසරණ සරණ ව්‍යාපාරයකට දුන්නොත් ඒක විශාල වැඩදායක දෙයකි. (වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට, පොතක් පතක් ගන්ඩ නැති අසරණ දුප්පත් සිසුන්ට) ආර්ථික අපහසුතා නිසා උදේට නොකා ඇවිත් පාසලේදී උදේ සිහි නැතුව වැටෙන ළමයෙකුට ආහාරයට යමක්. යම්කිසි සංගමයක් ඇති කරලා දුෂ්කර පාසල්වල සිහිනැතුව වැටෙන ළමයින්ට පමණක් ආහාරයට යමක් දෙනවානම් එය කොරතම් අගනේද? නමුත් ඒක කරන්නේ නැහැ. මේ අයට යන්ඩ අපායක් තියෙනවාද?

දැන් ටික කලක ඉඳන් පන්සල් හා සිද්ධස්ථාන වල ඇල්සේෂන් (රට බල්ලෝ) බල්ලෝ හැදීමට පටන්ගෙන තිබෙනවා. ඒ බල්ලෝ රු. 20.000/- ක් පමණ වෙනවා. ඊට අමතරව ගෙනාපු දවසේ ඉඳන් මාසෙකට රු. 10,000/- ක් පමණ වියදම් කරනවා බේත් හේත් වලට, පෝෂ්‍යදායි ආහාරවලට හා වෛද්‍යවරු ළඟට රැගෙන යාමට වාහනවලට ආදී වශයෙන්. ඒ මුදලින් දුෂ්කර අසරණ පිරිමි ළමයි දෙතුන් දෙනෙකු පන්සලේ හෝ වෙනත් සිද්ධස්ථානයක නවත්වාගෙන පාසල් යවා අධ්‍යාපනය දී දෑස් පෑදුව හැකියි. නමුත් ඒක කරන්නේ නැහැ. මේ විශාල නාස්තියක් හා අපරාධයක්.
මතු සම්බන්ධයි

https://evidarana.blogspot.co.uk/

Top