1150 x 80 px

 

"ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය - දැන් හොඳටම ඇති !" - Oxfam

මෙතෙක් උගත් දෙය, 'නූගත් දෙයක්' වන්නට පුළුවන.

සිය ජීවිත කාලය තුළදී සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙක් යම්කිසි ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වන බව ඔබ දන්නවාද? මෙම ප්‍රතිශතය සංඛ්‍යාවක් ලෙස සැලකූ විට ලෝක ජනගහනයෙන් බිලියනයකට වඩා වැඩි පිරිසකි.

ගැහැනුන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සැඟවුණු ගෝලීය අර්බුදයකි. එයට භූ ගෝලීය දේශසීමා හෝ සංස්කෘතික මායිම් නැත. නමුත් දුප්පත් ගැහැණු සහ ගැහැණු ළමුන් වැනි කොන් කිරීමේ තත්වයට පත්වූ කුලකය එය වැඩි වශයෙන්ම අත් විඳිති. නිරන්තරයෙන්ම එය එසේ සිදුවන්නේ ඔවුන්ගේම සහකරුවන් හෝ ස්වාමිපුරුෂයන්ගේ දෑතෙනි.

ගැහැනුන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බොහෝ ආකාරවලින් සිදු වේ. එයට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික අඩන්තේට්ටම් සහ හිංසනය, අඩු වයස් විවාහ සහ විවාහ වන ලෙස කරන බලකිරීම්, ලිංගික ජාවාරම, ඊනියා ‘ගෞරවය රැකීම සඳහා’ කරන අපරාධ’ සහ ස්ත්‍රී චර්මඡේදනය ඇතුළත් වේ. එය, ළමා වියේ පටන් මහලු විය දක්වා ස්ත්‍රීන් මුහුණ දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානකම්වලින් පැන නගින්නකි.

මෙම අපරාධය සිදුකරන බොහෝ අය විශ්වාස කරන්නේ ගැහැනුන් සහ ගැහැනු ළමුන් කෙරෙහි දක්වන ප්‍රචණ්ඩතාවය සමාජය විසින් ද අනුදකින සාමාන්‍ය සහ යෝග්‍ය හැසිරීමක් බවයි. අනුමැතියක් නොමැතිව තමන්ට ප්‍රචණ්ඩත්වයක් සිදුකළ නොහැකි බවට ඔවුන් තුළ හැඟීමක් තිබේ.
මෙය, ස්ත්‍රීන්ගේ ජීවිතවල, ඔවුන්ගේ ප්‍රජාවන් තුළ සහ පුළුල් සමාජය තුළ දීර්ඝ කාලීන විනාශකාරී බලපෑම් ඇතිකරවන, වඩාත්ම බහුල ලෙස ව්‍යාප්ත වී ඇති මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් එකකි. ඒ සම්බන්ධයෙන් ‘දැන් හොඳටම ඇති’ යැයි කියන්නට දැන් කාලය එළඹී තිබේ. ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අපට උවමනා ය.

මහා පරිමාණයක ප්‍රචණ්ඩත්වයක්: සංඛ්‍යාලේඛන කිහිපයක්

  • සිය වත්මන් හෝ අතීත සහකරු ඇසුරේදී 30% ක කාන්තාවන් ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වය අත් දකිති, හෝ අත්දැක තිබේ. ඇතැම් රටවල මෙම අගය 70% කි.
  • අද වන විට ජීවත්ව සිටින ස්ත්‍රීන්ගෙන් මිලියන 700 ක්ම දරුවන් වශයෙන් සිටියදී විවාහ වූ අය ය. එම ස්ත්‍රීන් අතරින් 1/3කට වැඩි පිරිසක් විවාහ වී තිබෙන්නේ වයස අවුරුදු 15ට එළඹීමට පෙර ය.
  • ස්ත්‍රී චර්මඡේදනයට ලක් වූ කාන්තාවන් මිලියන 200 ක් මේ ලෝකයේ අද ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක චර්ම ඡේදනය සිදුකර තිබෙන්නේ වයස අවුරුදු 5 ට එළඹීමට පෙර ය.

2012 වසරේ ලොව පුරා ඝාතනයට ලක් වූ කාන්තාවන්ගෙන් භාගයකට වඩා, එනම් 50% කට වඩා එසේ මරා දමා තිබෙන්නේ ඔවුන්ගේ සැමියන්/සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසිනි. නමුත් එම වසරේම ඝාතනයට ලක්වූ පිරිමින් අතරින් ඔවුන්ගේ භාර්යාවන්/සහකාරියන් විසින් මරා දමා තිබෙන ප්‍රතිශතය 06%කට ද වඩා අඩු ය.

ප්‍රචණ්ඩත්වය සහ දුගී බවේ දුෂ්ට චක්‍රය

දුගී බව තුරන් කිරීමේ අපගේ මෙහෙවර සඳහා සුවිශේෂී ම බාධකය වන්නේ ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බව අපි විශ්වාස කරමු.
ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය විසින් ස්ත්‍රීන්ගේ ජිවිත විනාශ කරනවා සහ ප්‍රජාවන් බෙදා වෙන් කරනවා පමණක් නොවේ. එමගින් සංවර්ධන ප්‍රයත්නයන්ට සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය ද, සාමකාමී සමාජයන්ට ද පීඩා කරයි.

ප්‍රචණ්ඩත්වය විසින් ගැහැනුන් සහ ගැහැනු ළමුන් දුගී බවට ඇද දමයි. එය ස්ත්‍රීන්ගේ තෝරාගැනීම් සීමා කරයි. ඔවුන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමේ හැකියා සහ දේශපාලනික හා පොදු ජීවිතයට ප්‍රවේශ වීමේ හැකියාව ද සීමා කරයි. දිළිඳු කම විසින් ඔවුන් ව වැඩිදුරටත් ප්‍රචණ්ඩත්වය කරා යොමු කරවන අතර, ප්‍රචණ්ඩත්වය හටගන්නා විට විකල්ප ඌන වීම ද සිදු වේ.

දැන් හොඳටම ඇති!
මේ ගැටළුවේ හරයේ පවතින හානිකාරී විශ්වාසයන් වෙනස් කිරීමට අපට පුළුවන. උගත් දෙය නූගත් දෙයක් වන්නට පුළුවන. එය ස්ත්‍රීන්, පුරුෂයන්, ගැහැනු ළමුන්, පිරිමි ළමුන් හෝ ප්‍රධාන පෙළේ මහජන ක්‍රියාකාරීන් විය හැකි අප සියලු දෙනාටම ප්‍රචණ්ඩත්වය එපා යැයි පිටුදැකීමට කාලය දැන් පැමිණ තිබේ.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Top