1150 x 80 px

ජේසු උපන්නේ කන්‍යාවන් ගැබ් ගැන්වීමේ බෞද්ධ ක්‍රමයකටද? අළුත් පූජා වලියක්!

නමෝ මරියනී කියමින් බැති ගී ගයා නත්තල සමරමින් ජේසු තුමා ගේ උපත සමරන්නට ලොව පුරා කෝටි ගණනක් ජනතාව ලක ලැහැස්ති වන මොහොතේ උපත වෙනුවෙන් විපතට පත්වන කළුකුන් සංඛ්‍යාව කෝටියකට අධික බව සිතමින් දුකට පත්වී සිටි පකට පුඟුල් හදවත මස් ටික බදින්නට තාච්චියට දැමූ වෙඬරු පිඬක් මෙන් හුණු වත්දී කිතු උපතේ අරුමය ද මෙනෙහි වුනේ අහම්බෙන් නොවේ.

සර්වබලධාරී දෙවියන් වහන්සේ ශුද්ධවූ ශාස්තෘ උපත පාපයෙන් තොරව සිදු කලත් දෙදහස් වසරක් ගතවෙද්දී වසරකට කෝටියක් කළුකුන්, ලක්ෂ ගණනක් කුකුළන්, දහස් ගණන් ඌරන් මරා සමරන බිලි පුජාවක් බවට නත්තල පත් වෙතැයි බලාපොරොත්තු වූ බවක් නම් කිසි තැනෙක කියවී නැත.

දේවමාතාවන් වහන්සේ නිර්මල පිළිසිඳීම කිතුනු ඇදහිල්ලේ මූලික සිදධාන්තයකි. සර්වබලධාරී දෙවියන් වහන්සේ මරියතුමියට දෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස මරියතුමිය පිළිසිඳීමේ පටන් ජන්ම පාපයෙන් නිදොස්‌ව පිළිසිඳගත් බව මුල් කිතුනු සංඝවල සිට පැවත එන විශ්වාස ධර්මතාවකි.

පුජාවලියෙන් ක්‍රිස්මස්
Immaculate conception හෙවත් සංසර්ගයකින් තොර නිර්මල උපත බොහෝ විවාදයට තුඩුදුන් සංකල්පයකි.

කොළඹ නගරයේ බස් රථයක යන තරුණ ස්ත්‍රීයකට සිදුවන තරමේ තරම් වත් පුරුෂ ස්පර්ශයකින් තොරව නිර්මල කන්‍යාවියක ලෙස දිවි ගෙවූ මරිය තුමිය ගැබ් ගත් අන්දම කල්පනා කරමින් පොත පත අත පත ගාමින් සිටි පකට පුඟුලා මොන වලියකටදෝ අත ගැටුණු පූජාවලියේ  තිබී දුටු දෙයකින් නිකම්ම ක්‍රිස්මස් වී ගියේය.

මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් 1226 දී විරචිත පූජාවලියේ විසිවැනි කොටසේ සඳහන් වන්නේ කොසොල් රජතුමා ගේ බිසෝ වරුනට ධර්මය දෙසීමට බුදුන් වහන්සේ විසින් පිටත් කොට යැවුණු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් මාලිගාවට යාම ඒම සිදුවීම අරඹා කලකින් ගැබ් ගත් බිසෝවරුන් ආනන්ද හිමිගේ රුපලක්ෂණ ඇති දරුවන් ලබූ බවයි.

අඥකොරොස් වූ කිංග් කොසොල්
‘මෙසේ කාලයක් වදාළ කල ඒ පන්සියයක් බිසෝවරු   සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.’

මේ ගැන  අප්සැට් වූ ගොසිප් කාරයෝ කිංග් කොසොල් ට මෙසේ කෝචොක් කොළෝය ‘.......... නුඹ වහන්සේගේ බිසෝවරුන් ලැබූ දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති අනඳ මහා තෙරුන් හා එක්වැනිය
අප්සැට් එකේ නහුතයට ම ගිය කොසොල් රජතුමා මේ ගැන බුදුරජාණන් වහන්සේ වෙත කොම්ප්ලේන් කර සිටියේය

‘ඒ වේලෙහි ස්වාමිදරුවෝ පයියකින් වසා තුබූ රන් කැටපතක් හයා පානා සේ,’ .... අනඳ හිමි බිසවුන් පන්සීයක් ගැබ් ගැන්වූ ක්‍රමය පැහැදිලි කරමින් ගැබ් ගන්නා ක්‍රම නවයක් විස්තර කර වදාළහ.

ගැබ් ගන්නා ක්‍රම නවයක්
‘ශබ්දය නිසා ත් දරුගැබ සිටි දැයි යත හොත් ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයෙක් ඇත. ඒ කෙසේද?යත්; ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන්  හා සමග පවත්නා ලෝකාස්වාද රති ය නිසා ත් දරු ගබ සිටීම ය පුරුෂයන්ගේ ශරීරයේ පහස ලැබීමෙනු ත් දරු ගබ සිටීම ය. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලූ පමණ අනුරාගයෙනු ත් දරු ගබ සිටීම ය. පුරුෂයන්ගේ  මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙනු ත් දරු ගබ සිටීම ය. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමණකිනු ත් දරු ගබ සිටීම ය. පුරුෂයන්ගේ ඉස්වත් භෝජනාදියෙහි අන්තර්ගතවූ අනුභාවානුරාගය නිසා ත් දරු ගබ සිටීම ය. පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලදීමෙන් උපදනා වූ වස්ත්‍රානුරාගයෙනු ත් දරු ගබ සිටීමය. මේඝ ඍතුවෙහි බලාකාවන් ගබ් ගන්නා හෙයින් වන ඍතුභෙදානුරාගයෙනු න් දරු ගබ සිටීම ය. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළා වූ ශබ්දානුරාගයෙනු ත් දරු ගබ සිටීම ය. කීයේ මැයි මැනෝ’

බණ පොත් කියවන්නට ගොස් යහ පාලන ක්‍රමයට දරු ගැබ් පිහිටවන නවක්‍රියා  අලුතෙන් උගෙන, ආනන්ද හිමියන් නඩත්තු නඩු පන්සීයකින් බේරුණු අන්දම කල්පනා කරමින් පිරිමදින්නට නාභියක් සොයමින් නත්තල් සමරන්නට යමින් සිටි පකට පුඟුලාට බයිබලයත් පූජාවලියත් දෙකම නැතිවුණු හැන්දෑවක ලියා තැබු කටු සටහනකි.

ෙපර සටහන්

චොප්පේ පිළිරුව හෙවත් රජයට පවරාගත් අපරාධ ඉල්ලා ඇරඹෙන අයි ආර් සී වැඩ වර්ජනය

Top