දයලේක්තික වස්තුවකට ලියූ පෙම් කව

මුසපත්ය මා...,
පුරුෂ ෆැන්ටසිය පරිකල්පනය කරනා..,


සංගත ස්ත්‍රීත්වයේ චල්‍ය බව තුල
ගල්ගැස්වී ඇත සීචනය වී
මහඳ පිපි සංකීර්ණමය වූ
නියමු හැඟුම්කාරකය
ගිලී පවතී
දෘෂ්ටිවාදයේ පරම නිශේධය
ඒ ව්‍යූහය තුල
එය පසු ආවර්තීයව නිරීක්ෂණයකට ලක් කොට
එක් නොකොට
අවිඥානික ව්‍යූහකට
පවත්වා ගනු මැන
අසංගත ව්‍යූහයක..

http://maathalan.blogspot.com

Top