Untitled 1

රැග්කරුවන් උල තියමු..!!
රැග් ටොපික් එක ආයෙත් ඉස්සිලා... ඒකත් නිකන් අර වඩදිය බාදිය වගේ...
ඊටත් වඩා දැන් නම් සුළුදිය බඩ දිය වගේ..
ඊයා... වෙලා.
ඇත්තටම ඊය ද?
ඔව්.. ඇත්තටම ඊයා.
එතකොට ඔය මඟුල ඊය අපට විතරද?
එහෙම නැත්තන් ෆර්ස්ට් ඉයර්ස් ලට විතරද?
 
ආසන්න අවුරුදු තුන ඇතුලෙ සමාජෙ ලොකුවටම රැගට විරුද්ධ කතා ගොඩ නැඟුනා...... සාකච්ඡා සිද්ධ උනා...... මනෝවයිද්‍යවරු ලිපි ලිව්වා.....
කොල්ලො කෙල්ලො අපරාධ නීතිය යටතේ අතඩංගුවට ගත්තා....
සමහරක් තාම ඇප නැතුව ඇතුලෙ.. 
පන්ති තහනම් කලා...
ඩිග්‍රි ඇන්නෙව්වා...
ගම් පෝරියල් දුන්නා..
හූ කිව්වා..
බයිට් කලා..
 
හැබැයි තාම රැග යනවා.
එන්න එන්න බොක වෙවී.
ඉතින් ඇයි මේ..?
ගෙවල් කුලියට අරගෙන අතින් කාල හරක් බලන්න තරම් මුන්ට තියන පුකේ අමාරුව මොකද්ද?
 
බලමු ශේප් එකේ...
 
රැග් එක සාමාන්‍යෙන් කොටස් තුනකින් වගේ යනවනෙ...
මුලින්ම
*හොඳට තෙල් පාර ගහනවා.. පොඩි පොඩි වාත සීන් දෙනවා...
*ඊට පස්සෙ ෆිසිකල් දෙනවා..
සැර වැඩි කරනවා..
*සෝශල් නැත්තම් වෙල්කම් එක දෙනවා.
ඉවරයි.
 
අළුතෙන් බැච් එකක් ඇවිත් මාස කීපයක් ඇතුලෙ ඔය වැඩසටහන සිද්ධ වෙනවා.ආයතනයෙන් ආයතනයට,පීඨයෙන් පීඨයට ඔව්වගෙ වෙනස්කම් තියනවා.මේ සාමාන්‍යෙන් වෙන වැඩේ.
 
ඉතින් ඇයි ඔය ඔහොම කරන්නෙ?
 
ඔය 'ඇයි?' කියල අහන ප්‍රශ්නෙට උත්තරේ තමා රැගා ල මුලින්ම දෙන්නෙ.
 
මුලින්ම ඔවුන් කියන කතාවක් තමයි තමුන් මේ සමාජෙ විශේෂ කොටසක් බව.
ඇයි එහෙම කියන්නෙ?
 
නිදහස් අධ්‍යාපනය පහසුකම් යටතේ තමුන් වෙනුවෙන් මහජනයා කරපු ආයෝජනයට අගයක් දුන්න උදවිය.
 
'ශිල්ප උගත්තෙමු - නැණ ලැබගත්තෙමු
ලැබූ ශිල්පයෙන් ඵල ලැබගත්තෙමු' කියලා.
ඉතින් එයාලට තියනවා සමාජය වෙනුවෙන් වගකීමක්.
බ්ලා... බ්ලා.. බ්ලා...
 
එලියෙ වගේ නෙමෙයි මේක ඇතුලෙ ඉහ ගහලා ගොඩ යන්න නම් ඉන්න ඕන ක්‍රමයක් තියනවා... සංස්කෘතියක් තියනවා...
එන්න සුදෝ.. අපි උයාලට ඒක කියල දෙන්නම්.
 
අපේ ඉහලින් හිටපු පිරිස් විසින් ගෙනාපු දංවැලේ ඊලඟ පුරුක උඹලා...
උඹලා ඒකට අමුන ගන්න ශක්‍යතාවය ඔප්පු කොරපල්ලා...
 
ඔන්න දැන් රැග යනවා...
වෙල්කම් දෙන්න සල්ලිත් එපැයි.කැට හොල්ලලා.. බුක්මාර්ක් විකුණලා සල්ලිත් හොයනවා.
 
වෙල්කම් එකත් ලැබෙනවා.
ඔන්න දැන් අළුත් පුරුක එකතු උනා.
 
ඔන්න ඔය කාලසීමාව ඇතුලෙ වෙන දේවල් ගොඩක් තියනවා.
 
*සින්නො ටික අළුත් බැච් එකේ කෙල්ලො හෝදගන්න එක.
*තමුන්ගෙ පක්ශෙට අළුත් කාඩරයන් ඇතුලත් කරගන්න එක.
*එක එක සංගම් වල සාමාජික ශක්තිය වැඩි කරගන්න එක.
*තම තමන්ගෙ එරියස් කවර් කරගන්න එක.
 
මෙව්ව ටික කරගන්න අළුත් සෙට් එක එකතැන තියාගෙන අමුතු බලයක් පෙන්නලා තරු බවට පත්වෙලා කැපී පෙනෙන්න රැග් කාලෙ හොඳ කාලෙ.
අපේ දැන උගත් බ්ලොග්කරුවන් සහ සමාජයේ පිරිස් නැවත නැවත සාර්ථක පෙන්නලා දෙන ඇහැට ඇන ඇන පෙන්නන එරියස් කාරයො ටිකට බලය ලැබෙන කාලෙ මේක.
 
මේ එරියස් සීන් එක සුන්දර දෙයක් නම් නෙමෙයි.මිනිස් ජීවිත අහිමිවීම් දක්වා ඇදුනු ඛේදවාචකයක් වෙලා තියෙන්නෙ.
මේ කාරණය සහ පසුබිම් ගැන අනනන්තවත් කතා වෙලා තියන කරුණු ගස්ලබ්බ ආයෙ මෙතන කියන්න උත්සාහ කරන්නෙ නෑ.
ගස්ලබ්බ කියන්න හදන්නෙ කොහොමද මේ එරියස් කාරයෝ 'පොර' වල් වෙන එක නවත්තන්නෙ කියන කාරණේ.
 
පහුගිය දවසක රුවන් දොස්තරමහත්තයා එයාගෙ රුසියාවෙ විශ්වවිද්‍යාල අත්දැකීම් ගැන කියනකොට ගස්ලබ්බට නෝට් වෙච්ච කථාවක් තමයි මේ..
//දුප්පත් සිසුවෙකු වූ ශ්මේරින්කා හි යූරා දිවා ආහාරය ගැනීමට ස්තලෝවයා අවන්හලට ගිය විට තෝර තෝරා ගත්තේ ලාභ ආහාරය​. ඔහු නිතරම අනුභව කල ආහාර වූයේ සුප් එකක්, කළු පාන් කැබලි කීපයක් ලුණු විනාකිරි දැමූ ගෝවා සලාදයක් විය​. යූරා ලාභ කෑම පමණක් ගන්නා විට අප ස්තලෝවයා එකේ තිබූ ඉස්තරම්ම ආහාර ඇණවුම් කලෙමු. එකල අපට යූරාගේ බඩගින්න ගැන අවබෝධයක් නොවීය​. ඔහුද කිසිවෙකුට අත නොපෑවේය​. ඔහුගේ පියා ශ්මේරින්කා නගරයේ දුම්රිය කම්කරුවෙකු විය​.//
 
මේ දේ ලංකාවෙ සිද්ධවෙනව නම් වෙන්නෙ බොහොම අඩුවෙන්.
අපේ කැම්පස් වල අඩු කන එක මැජික් නෙමෙයි.(හැමෝම නෙමෙයි.හැබැයි අඩුවක් ගන්න එකා දිහා සතෙක් දිහා බලනවා වගේ බලනවා තාම අඩුයි.)
ගජේට ඇඳුමක් අඳින එක මැජික් නෙමෙයි.
වරෙන් මචෝ කටක් කන්න කියල එක කෑම එකෙන් හය හත් දෙනෙක් කන එක මැජික් නෙමෙයි.
ඒකට ලොකුම හේතුවක් තමයි තව එකෙක්ගෙ නැති බැරි අමාරුවක් අනිකාට දැනෙන එක.
ඕක හැමෝටම දැනෙන්නෙ නෑ.
කැම්පස් එකකට රටේ හැම පළාතකින්ම එන හැම සමාජ ස්ථරයකම අය එක අමුතු ස්ථරයකට ගත්තම ඔය මැජික් සීන් කොහොමත් නැති වෙනවා.
අන්න ඒකට රැග් එක බොහොම ක්‍රියාකාරීව වැඩ කොටසක් කරනවා.
 
ඒත් එක්කම සබ්ජෙක්ට් රිපීට් නොවී ගොඩ යන්න.., ඒ ඒ ලෙචා එක්ක මේ මේ විදිහට ඉන්න.. වගේ දේවල් මූලිකව අල්ලලා දෙන්නෙත් මේ කාලෙ. හැබැයි.... තමුන් එක්ක ඉන්න උදවියට.
 
මේසෙ උඩින් උත්තර පත්තර තියල ෆෑන් එක දාල මේසෙ ඉතුරුවෙන අය පාස්,බිම වැටෙන අය ෆේල් කියනවා වගේ වැඩනෙ සමහරක් කරන්නෙ.
උදේට ගුඩ් මෝර්නිග් සර් කිව්වොත්.. 'මූ මගෙ ඇඟට නගිනවා' කියනවා.
උදේට ගුඩ් මෝර්නිග් සර් නොකිව්වොත්.. 'මූ මාව කෙයාර් කරන්නෑ..ලොකු කම' කියනවා..
ඒ වගේම ගෙවන ගාන වාහනේට පෙට්‍රල් ගහන්නත් මදි තියාගෙන අතිං කයිට් කරන් ඇවිත් උගන්නන ගුරුවරුත් ඉන්නවා.
කොහොමෙයි ඔළුව බේරහන්නෙ හා?
 
අධ්‍යයන කටයුතු වලින් බැහරව ක්‍රීඩා , කලා සීන් වලට දක්සයින් අඳුනගන යොමුකර ගැනීම් වෙන්නෙත් මේ කාලෙ.
මට හිතෙන හැටි ලියන බාසි පුතා වගේ ගල් ඉබ්බො එහෙම බරට එලියට එනවා.පාසල් ඇතුලෙ අවස්ථා නොලැබුන, අවස්ථා ලබා නොගත්ත අය කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එලියට ඇවිත් සමහරු රැඳෙනවා.. සමහරක් යට යනවා..
 
තවත් ලොකු දෙයක් වෙනවා.
ඉගෙනගන්න තියන ලැබ්වලට බඩු, ටියුට් ටික රෝනියෝ කරන ටික, කොටින්ම බොන වතුර ටික පවා ඉල්ලුවෙ නැත්තන් ලැබෙන්නෙ නෑ.
ඉල්ලන්නෙ කවුද?
ශිෂ්‍ය සංගම්.
 
කතා කරල ඉල්ලන අයට මොකද වෙන්නෙ..?
විභාග පේල් වෙන්න.. රිපීට් වෙන්න.
ඒක අසාධාරණයි නෙ.
ඔව්..
අන්න ඒකට විරුද්ධව සහෝදර සහෝදරියනි... අපි එකා වගේ එකතුවෙන්න ඕනෙ..
අන්න එහෙම එකා වගේ ඉන්න අපි කියන විදිහට කොරපල්ලා...
 
හෝව්.. හෝව්...
 
මෙන්න මෙතන තමා හරිම පොයින්ට් එක තියෙන්නෙ.
 
අර උඩින් කිව්ව කතා ඔක්කොම එකක්වත් බලෙන් කරන්න ඕන දේවල් නෙමෙයි.ඒව ඔක්කොම හැඟීම් දැනීම් සහකම්පන එක්ක බැඳුන දේවල්.ඔය සීනි බෝල ටික දික් කලාට කවුරුත් රැග් වෙන්න යන්නෙ නෑ... ආතල් එකට ගොනෙක් කොටයි.හැබයි එතනින් එහාට දක්කන්න කොහොමත් බෑ.
 
හැබැයි දක්කනවා...
කොහොමද?
ඔන්න ඔය උඩින් අන්තිමට කිව්ව හේතුව ඉස්සරහට දාපු ගමන් චණ්ඩියො නොණ්ඩියො වෙනවා.
 
සීයකට ඉන්න හදපු හෝල් එකේ පන්සීයක් දාල ඌට වත් ඇහෙන්නැති පැහදිලි නැති විදිහට ලෙක්චර්ස් දීල උඩ පැන්නත් ඉන්ස්ටෘමට් පෙනෙන්නැති තරමට ළමයි වටකරගෙන ප්‍රැක්ටිකල් කොරනකොට... අත සෝදගන්න, තිබහට බොන්න වතුර උගුරක් නැති කොට..
 
අන්න... කස්ටිය  ඕන පුකක් කියලා අරුන් කියන කියන දේ කොරන්න හිත හදාගන්නවා.
 
මෙහෙම මේච්චල් උන පිරිසක් ඇරියස් කාරයින්ට ඒගාර් මාධ්‍යයකටත් වඩා හොඳ පරිසරයක්.
 
විසඳුම දෙන්න ඕනෙ අන්න එතෙන්ට.
 
කුහකයෝ... පිස්සෝ.. අපරාධකාරයෝ.. කියල හංවඩු ගහලා හිරේ විලංගුවේ දැම්මට රැග නවතින්නෑ. මොකද සැබෑ ප්‍රශ්ණෙ යට ගහලා..
උගන්නන්න ගුරුවරු නෑ..
ඉන්න තැනක් නෑ..
ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්‍රියට තැනක් නෑ..
 
හොඳට බලන්න අළුත් බැච් කැම්පස් එකට ගන්න කාලෙට ජේ.වී.පී එකෙන් පාර්ලිමේන්තුවේ බොහොම සාරෙට කරුණු දක්වනවා කැම්පස් වෙනුවෙන්.
 
අපේ ඇමතිලා උත්තර දෙනවා එව්වට 'ඕන ගොනා' න්‍යායෙන්.
ඉතින් හරියයි ද?
 
රජයේ කැම්පස් වල බඩු නෑ.. උගන්නන්න පිරිස් නෑ කියලා කිණ්ඩි දානවා. ප්‍රයිවට් නම් ඔක්කොම තියනවා කියනවා.
 
ඒක හරියට සීටීබී බස් එකේ සීට් කපලා ඇවිත් ප්‍රයිවට් බස් ලෝඩ් කරන්න කෑ ගහනවා වගේ වැඩක්.
 
පී ඇම් ජයතිලක ලියපු බඹරසර,මල්මාවත,(...) කියන නවකථා කියෙව්ව නම් ඒ කාලෙ පේරාදෙණිය ගැන පොඩි අදහසක් ලැබේවි.ශිෂ්‍යයන්ට ලැබුනු දේවල් ගැන හැඟීමක් ගන්න පුළුවනි.
 
කැම්පස් වල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල හරියට අවුරුදු දෙකක් වැඩ කලොත්.... 
 
රැග් එක වෙනුවෙන් ගහන්න තෙලක් ඉතුරු වෙන්නෑ.
ඔය මොනවා කිව්වත් කොල්ලො කෙල්ලො බලෙන් ඇදගන යන්නත් එතකොට බෑ..
 
නායකත්ව පුහුණු වැඩසටහන් ආමි එකෙන් කරල වත් ගොඩ දාගන්න බැරි උන එක හදන්න වෙන්නෙ එහෙමයි.
 
විශ්වවිද්‍යාල වර්ණ වලට හොඳ අගයක් දීලා.. තරුණ සේවා සභාව (විහිළු කරන එක නවත්තලා.) වගේ ආයතන වල සම්පත් දායකත්ව අරගෙන..
 
අවුරුදු උත්සව.. ක්‍රීඩා තරග... සංගීත කලා  රසවින්දන වගේ දේවල් ඇතුලෙ මිනිස්සු එකිනෙකා අඳුන ගනී. (අදටත් නොවෙනවා නෙමෙයි නෙ.) හැකියාවන් බෙදා ගනී. සමාජ සේවා ව්‍යාපෘති කරයි.. (අදටත් බොහොම සාරවත් වැඩ වෙනවා.ඒවා තව වැඩි දියුණු වෙයි.)
එහෙම පරිසරයක් ඇතුලෙ අමානුශිකත්වය ඉබේටම දියවෙලා යයි.
 
නීතිය තදට ක්‍රියාත්මක කරන්නෝන මේවගේ පසුබිමක් ඇතුලෙ..
 
මේ ඔක්කොම දේවල් අර කිව්ව රැග් කාලෙ කොරගන්න තරම් සංවිධාන ශක්තියක් තියන මිනිස්සු ටිකක් වැඩේට බහින්න ඕනෙ.කරන්න බැරි නෑ..
 
හැබැයි පුතේ සාරස තුමාගේ නවක වධ උපකුලපති ලිපියට කොමෙන්ට් එකක් දාන ගයත්‍රී පෙන්නලා දෙනවා අද ඉන්න සරසවි පාලකයන් ක්‍රීඩාවට සලකන හැටි.
ඉතින් මොකේද දං වළඳන්නෙ?
 
ප්‍රයිවට් කැම්පස් සුරපුරක් කියල හිතාගෙන ඉන්නවා නම් ඒකත් හොඳ ඇඳ ගැනිල්ලක්.ඒවගෙත් දැන් දැන් බුලින් තදට යනවා... බලෙන්ම ක්ලබ් ගානෙ පාටි දැමිල්ලෙ ඉඳන් තව තව දේවල්.වියදම් කරගෙන ලයින් එක දාල ඉන්න පුළුවන් නම් ශේප්.. බැරි එකා ලීව් කරනවා මිසක් සද්ද නෑ.නෝණ්ඩියි නෙ.
හැබැයි ඒත් ළමයි.
 
ඔය සරසවි වල ඉන්නෙත් ළමයි... උන්ව හදාගන්න එක වැඩිහිටියන්ගෙ වගකීමක්.
 
{රැග් එක වර්ණනා කිරීම හෝ මානසික රෝගීන් සාමාන්‍යකරනය කිරීමට රචකයා කිසිසේත් සූදානම් නැති අතර කැත්තට පොල්ල න්‍යායෙන් ඔබ්බට පියවරක් තබා වඩා ප්‍රායෝගිකව ස්ථිර සාර්ථක විසඳුමක් සෙවීම පමණක්ම පරමාර්ථය විය.}
 
Top