Untitled 1

විචාරක මහතාට ඉක්මන් සුව පතමු

මෙවර 2016 බ්ලොග් සම්මාන උළෙලේ වරක් පමණක් පිරි නැමෙන නෙළුම් යාය විශේෂ සම්මානයෙන් පුදනු ලැබුවේ “අසමි දකිමි සොයමි” බ්ලොග් අඩවියේ විචාරක නමින් ලිපි ලියන ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ගුණරත්න මහතාය.

 

තරුණ බ්ලොග්කරුවන් කරිනියන් සමග හරි හරියට ගැටෙමින් තම බ්ලොගය පවත්වාගෙන ගිය විචාරක මහතා අධ්‍යාපනික, ඉතිහාසය සම්බන්ධ ලිපි මෙන්ම විනෝදකාමී ලිපිද රචනා කරමින් බ්ලොග් ලොව කැළඹු චරිතයක් විය.

එතුමා ට සම්මන උළෙලට සහභාගී වීමට නොහැකි වුනේ අසනීපයෙන් පෙළෙන නිසා බව සහෘද බ්ලොග්කරුවන්ට දැනගන්නට ලැබී තිබුණි. එනිසා අප්‍රේල් 2 දින ප්‍රදීප් ජයතුංග (ප්‍රා) , සහ ප්‍රගීත් අනුරාධ (ඉවාන් පව්ලුෂා) ඔහු හමුවට ගොස් නෙළුම් යාය විශේෂ සම්මානය ඔහුට පිරි නැමූහ.


නෙළුම් යාය සහෘද සමුහය සහ සියලු බ්ලොග්කරුවන් වෙනුවෙන් අප ඒ දෙදෙනාට උදක් ස්තුතී වන්ත වෙමු. එසේම අපේ ආදරණිය විචාරක මහතාට ඉක්මන් සුවය ද පතන්නෙමු.

 - නෙළුම් යාය සංස්කාරක

Top