Untitled 1

වෙසක් සඳ දුක්ඛිත (පද්‍ය)

අවසන් සිළුව ලෙවකයි පහනෙහි පතුල
සිතුවිල්ලක ඇලී නිසල ය සඳ මඬල


ගිනිගත් වෙසක් පහනක මුදු කෙහෙරැල්ල
සුළඟක් පිරිමදියි දිගු කර අතැඟිල්ල


අළු පැහැ අඳුරු සිතුවම් ඇඳෙනා මිදුල
බවුන් වඩනවද කිරි සුදු මුදු වැල්ල
අහසම උර දරා මා පය නගන කල
උල් ගල් සැඟව හිඳ පාරනු කිම පතුල


යන්තම් අවදි වී සැලෙනා අඹ දල්ල
නිදි ගන්වයි රැහැයි පළඟැටි නැළවිල්ල
ඈතින් ඇසෙයි උලලේනිගෙ වැළපිල්ල
නෙතු පියවන්න ඉඩ දෙන් දුක් සිතුවිල්ල

අජිත් පැරකුම් ජයසිංහ

http://www.w3lanka.com

Top