Untitled 1

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)


 ඔහුත් මාත් මෙහි නොව
කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම්
අප වාඩි වී අඩියක් ගසනු ඇත
රවුම් ගණනක් ම බොනු ඇත

ඒත් අපි හමුදා දෙකක
මුහුණට මුහුණ සටනේ
මම ඔහුට වෙඩි තැබුවෙමි
එතැනම මරා දැමුවෙමි

මා ඔහු මරා දැමුවේ
ම්.... ඔහු මගේ සතුරා නොවැ
ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා
තේරුණා නේද, ඔහු මගේ සතුරා

මං හිතන්නේ ඔහුත්
මං වගෙම වෙන්න ඇති
රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
ඒ මදැයි හේතුව බැඳෙන්නට

යුද්දෙ හරි අමුතුයි නේ
එහිදි ඔබ මරන මිනිහා
හමු වුණා නම් තැබෑරුමක
අඩියක් ගසා සාක්කුවටත්
කීයක් හෝ දමනු ඇත

-අජිත් පැරකුම් ජයසිංහ

(තෝමස් හාඩි විසින් ලියන ලද The Man He Killed කවියේ අනුවාදයකි)

http://www.w3lanka.com

Top