Untitled 1

ඇන්ජලෝ එන්න, අං ඇවිත්දැයි බලන්න....
අද පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගය සඳහා හැකිනම් ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කුමාර සංගක්කාරගෙන් ඉල්ලීම් කර ඇති බව විවිධ වෙබ් අඩවි වාර්තා කරයි. වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉල්ලීම කවටකමට සිදුකළ ඉල්ලීමක් බවයි.
එක් අතකින් මේ වනවිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලෝකය ඉදිරියේ විහිලුවක් බවට පත්වී ඇති මොහොතක මෙය එතරම් ගණන් ගතයුත්තක් නොවේ.
 
එහෙත් ගැටලුව වන්නේ මෙම විහිලුව කරන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමයි. ජාතික ක්‍රීඩා කණ්ඩායමක නායකයා යනු නිකංම නිකං පුද්ගලයෙකු නොවේ. ඔහු ලෝකය ඉදිරියේ අදාල ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකියන මුලුමහත් රටේම නායකයාය. එවැනි පුද්ගලයෙකු සිය කණ්ඩායම විහිලුවට ගැනීම එතරම් සුබදායක නැත.
 
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකය ක්‍රිකට් පිටියේ වැටිය හැකි උපරිම සීමාවට වැටී ඇත. කෙතරම් අකමැති වුවද පිළිගත යුතු අඳුරු සත්‍යය එයයි. එසේ තිබියදී ශ්‍රී ලංකා නායකයා තමන් හා තමන්ගේ කණ්ඩායම විහිලුවට ලක්කිරීම කණගාටුදායකය.
 
කළයුත්තේ එය නොවේ. වැරදුනේ කොතැනද යන්න අවබෝධ කරගැනීමයි. එසේ අවබෝධ කරගෙන ඒ සඳහා පිළියම් යෙදීමයි. එය පුහුණුකරුවන්ගේ හා කළමනාකාරීත්වයේ පමණක් නොව ක්‍රීඩකයන්ගේ ද වගකීමයි. මැතිව්ස් ඇතුළු පිරිවර මේ සෙල්ලම් කරන්නේ පන්දුවක් හා පිත්තක් සමග නොව ක්‍රිකට් ලෝකයේ ජයකෙහෙලි නැංවූ රටක් සමග සහ දහසක් දුක් කරදර තිබියදී තමන්ගේ එකම වින්දනය ක්‍රිකට් ක්‍රීඩාව බවට පත්කර ගත් මිලියන ගණනක් අහිංසක ප්‍රේක්ෂකයන් සමගිනි.
 
නාකියා
 
Top