1150 x 80 px

හමුදා කඳවුරක් ඉදිරිපිට ගාඩ් ඩියුටි ඉන්න කොල්ලෙකුට දුන්න අවවාදයක්
මේ දැන් සිදු වුණ දෙයක්. සම්පූර්ණ විස්තරේ කියන්නෙ නැත්තෙ අදාළ පුද්ගලයාට කළ යුතු අනතුරු ඇඟවීම පුරවැසියකු ලෙස මම කළ නිසායි. මම දැන් කොළඹ නගරයේ ප්‍ර‍භූ ප්‍රදේශයක ආරක්ෂක නිලධාරි නිවස්නයක් ඉදිරියෙන් පදික වේදිකාවේ ඇවිදගෙන ආවා. ඒ කාර්ය බහුල පදික වේදිකාවේ මට ඉදිරියෙන් තරුණියක් ගමන් කළා. අර හමුදා කඳවුර ඉදිරියේ මුරට සිටි සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයෙක් මොකක් හෝ අවකැපෙන වචනයක් අර නාඳුනන තරුණියට කිව්වා. තරුණිය හැරී රවා බලා යන්න ගියා. 
එහෙම දෙයක් දෑසින් දැකලාත් අහක බලාගෙන යනවා නම් අප කරන දේශපාලනය වැඩක් නැහැ. ඒ නිසා අවදානම ගැනත් හිතලා මං ටිකක් ආරක්ෂිත දුරකින් ඉඳන් කතා කළා. නැතිනම් අවිය උදුරගන්න හැදුවා ය කියා වෙඩි තියයි. 
 
මම ඇහුවා, ඔයා යුනිෆෝම් එකක් ඇඳගෙන රාජකාරියක් නේද කරන්නෙ, ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. ඔහු නිහඬව හිටියා. කැත වැඩ කරන්න එපා ය කියලා මම මගේ ගමන ගියා. ඔහු මට ආයුධ උරුක් කරන්නට ආවෙ නැහැ. මා කතා කළ නිසා පාරේ ගිය දෙන්නෙක් මොකක්ද සිද්ධිය කියලා ඇහුවා. 
 
ඔහුගේ නිහඬබව වරදකාරී හැඟීමක් ලෙස පිළි ගනිමින් මම ඔහු ගැන මීට වඩා හෙළිදරව් කරන්නෙ නැහැ. නැතිනම් තවමත් ඔහු එතැන ඩියුටි. හේතුව මෙවැනි තරුණ හැඟීම් සහිත සාමාන්‍ය ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ඉහළ නිලධාරීන් ලවා දඬුවම් ලබා දීමෙන් සියලු ප්‍ර‍ශ්න විසඳෙන්නෙ නැහැ. හැබැයි, ඉතින් මේ වගේ පුංචි දේවල් ගැන දැනගන්නට කවුරුවත් අපට උගන්නන්ට අවශ්‍යත් නැහැ. 
 
මහින්දගේ කාලෙ මා දවසක් ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලෝක විද්‍යාලය ආසන්නයේ වක්වැල්ල පාරේ කොටුව පැත්තට වාහනය පදවද්දී පසුපසින් හිටි ගමන් පැමිණ වේගයෙන් මා ඉස්සර කර ගිය ප්‍ර‍භූ ආරක්ෂක රිය පෙළක මෝටර් සයිකලයක පසුපස සිටි අපේම මහජන මුදලින් වැටුප් ගන්නා පොලිස් බල්ලෙක් “අයින් කර ගනින් පකයො කාර් එක," කිව්වා. 
 
මාත් කුණුහරුප දන්නවා වුණත්, දරුවන් වාහනයේ සිටි නිසා මා නිහඬ වුණා. ආරක්ෂක රථ පිරිවරා ගත් දේශපාලක හොරෙකු අප පසු කර ඉගිලුණා. 
 
මා හිතන්නේ අපි 2015 ජනවාරි 8 වෙනස් කරන්නට අදහස් කළේ අන්න ඒ සංස්කෘතියයි. මුළුමනින් ම බැරි වුණත්, අපි යම් වෙනසක් සලකුණු කළා කියලායි මම හිතන්නෙ.
 
ලංකාවේ දේශපාලනය වගේ ම සමාජයත් හරිම පසුගාමීයි. අපේ තිබෙන මූලික ගැටලුවක් තමයි, අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නො කරන එක. ඒ වගේ ම වෙනත් කෙනෙකුට සිදු වන අසාධාරණයකදී කතා නො කර සිටින එක. සමාජය වෙනස් කරන්නට ඕනැ නම් අපි මේ අභියෝග භාර ගත යුතුයි. දේශපාලකයන්ගෙන් සියල්ල බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට බැන බැන සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැහැ. 
 
ජනතාව, පුරවැසියන් විදියට අප ශක්තිමත් විය යුතුයි. යහපත් සමාජයක් වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන් වන අරගල බිම මේ කියවන ඔබේ දෑස් ඉදිරිපිටත් තිබෙනවා. අප ඒ හැම තැනකම බොරුවට, අසාධාරණයට එරෙහිව සටන් කළ යුතුයි. 
 
gammanpila
 
මා මෙම ලිපියත් සමග බෙදාගෙන තිබෙන රූපයේ තිර සේයාරුව මා ගත්තෙ පැය 24කට විතර කලින්. මේ වන විට එය දහස් ගණනක් විසින් ලයික් කර, ෂෙයා කර ඇති. එසේ කරන අය අතර සැලකිය යුතු කාන්තාවන් පිරිසක් සිටින බවත් මා දැක්කා. 
 
මෙච්චර දියුණු ලෝකෙක, මේ සිංහල බෞද්ධ ය කියන රටේ අම්මාගේ යෝනියෙන් ජාතක වුණු, අම්මාගේ කිරෙන් ජීවිතය තහවුරු කර ගත් අපි මෙවැනි අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා තිරිසනුන් වුණේ කොහොමද? ලෝකෙ ශාස්ත්‍රීය සංවාද හා කොළඹ වීදි අතර පරතරය මතක් වන කියමනක් මේ සමග මතක් වුණා. 
 
අවසන් වශයෙන් ජාර්ක් රොන්සියර්ගේ මූලික අර්ථකථනයෙන් ඔහු අපෙන් අසන්නේ, ගිලී යන නෞකාවක ප්‍රථම පන්තියේ ගමන් ගන්නා තරුණියක සහ තෙවැනි පන්තියේ ගමන් ගන්නා තරුණයෙකු අතර ආදර සම්බන්ධයකින් මේ තරම් සතුටක් ලබන්නට අප සිටින්නේ කුමන සියවසක ද කියා ය. - එරන්ද මහගමගේ (අයිසන්ස්ටයින්ගේ දේශපාලනය, බව බ්ලොග් අඩවිය)
 
Top