1150 x 80 px

“අගෝස්තු මැද ඇමරිකාවට පහර දෙනවා” - උතුරු කොරියාව

 

අගෝස්තු මාසයේ මැද භාගයේදී ඇමරිකාවට අයත් ගුවාම් ප්‍රදේශය වෙත මිසයිල ප්‍රහාර 4 ක් එල්ල කිරීමට තමන් සැලසුම් කරන බව උතුරු කොරියාව අද නිවේදනය කළේය. උතුරු කොරියානු මාධ්‍ය තවදුරටත් පවසා සිටින්නේ හ්වැන්සොන් 12 වර්ගයේ මිසයිල මේ ප්‍රහාරක සැලසුම සඳහා යොදාගන්නට නියමිත බවයි.

 

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය, ඇමරිකාවට එරෙහිව උතුරු කොරියාව විසින් යුධ ප්‍රකාශ කිරීම තරමටම බරපතළ ප්‍රකාශයක් බවයි.

ඇමරිකාව මීට පෙර අනතුරු අඟවා තිබුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික හැසිරීම එම රෙජීමයේ අවසානය සනිටුහන් කරනු ඇති බවයි.

ගුවාම් යනු ඇමරිකානු හමුදා කඳවුරු ගණනාවක් පිහිටා තිබෙන, යුධෝපායික බෝම්බකරුවන් ස්ථානගත කර තිබෙන සහ 163,000 ක ජනතාවක් ජීවත් වන ඇමරිකානු භූමි භාගයකි. උතුරු කොරියානු ආරංචි මාර්ගවලට අනුව ගුවාම් වෙත කිලෝමීටර 17 ක් නුදුරින් ස්ථානයක් වෙත මෙම මිසයිල හතර එල්ල කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සැලසුම උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් විසින් අනුමත කර තිබේදැයි තවමත් තහවුරු වී නැත.

-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top