1150 x 80 px

විශ්වය සොළවමින් -රත්තරන් විදිමින් - තාරුකා දෙකක් හැප්පෙයි.

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක් ඈතින් පිහිටා තිබෙන NGC 4993 නමැති මන්දාකිණියේ පිහිටා තිබූ තාරුකා ද්විත්වයක් අධික වේගයෙන් ගැටුණු බවත්, එම සංසිද්ධිය හේතුවෙන් ඇස්ට්‍රොෆිසික්ස් හෙවත් පාරභෞතික විද්‍යාවේ නව පරිච්ඡේදයක් විවර වුූ බවත් තාරුකා විද්‍යාඥයෝ පවසති. ඔවුන්ට අනුව, වෙනත් ගැඹුරු අවකාශයක සිදුවූ මෙම හැප්පීම හේතුවෙන් මුළු විශ්වයම යම් සෙළවීමකටද බඳුන් වී තිබේ.

මෙම තාරුකා දෙක අති දැවැන්ත දීප්ත වස්තූන් වු බවත් ඒ එකක විශ්කම්භය, නොඓසේ නම් පළල සැතපුම් 12 ක් බැගින් වූ බවත් නාසා ආයතනය සනාථ කරයි. පිපිරීමට පෙර ඒවා ප්‍රසාරණය වී ඉන්පසු දඟර ගැසී අවසානයේ අති වේගයෙන් එකිනෙකා වෙත ඇදී ගොස් හැප්පී පුපුරා ගොස් තිබේ.

එහිදී පොකුණකට ගලක් විසි කළ විට තරංග ගමන් කරන්නාක් මෙන් සකල විශ්වය පුරාම ආලෝකයේ වේගයෙන් ගුරුත්වාකර්ෂණ තරංග පැතිර ගොස් ඇත. මෙම සංසිද්ධිය ග්‍රහණය කර ගනු ලැබුවේ ඇමරිකාවේ ලුසියානා සහ වොෂින්ටන් යන ජනපදවල ස්ථානගත කර තිබෙන සහ ලේස්ර් තාක්ෂණයෙන් ක්‍රියාකරන ‘ලීගෝ’ නමැති අධිබල දුරේක්ෂ ද්විත්වයක් මගිනි. පෘථිවියේ පාරභෞතිකත්වයට මෙම තරංගවලින් සිදුවිය හැකි බලපෑම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් සිදුකළ යුතුය.

2015 සැප්තැම්බරයේදී ද මේ අන්දමින්ම ගුරුත්වාකර්ණ තරංග පැතිරයාමක් පිළිබඳ අනාරවණය වූයේ වසර 100කට පෙර ඇල්බට් අයින්ස්ටයින් විසින් කළ පෙරැයීමක් සනාථ කරමිනි.

ලීගෝ හි අනාවරණයෙන් හරියටම තත්පර 2කට පසු මෙම නියුට්‍රෝන තාරුකා ඝට්ටනය හේතුවෙන් ගැමා කිරණ ධාරාවක් ද නිකුත් වී ඇති අතර එය නාසා ආයතනයට අයත් ෆර්මි අජටාකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගෙන තිබේ. 

අධි ඝනත්ව තාරුකා දෙකේ සිදුවූ මෙම ඝට්ටනය කෙතරම් ප්‍රබල එකක්දැයි පවසන්නේ නම් යුරේනියම් සහ රත්තරන් අංශු එහි පිපිරීමක් ලෙසින් විශාල ස්කන්ධ ලෙස අවකාශය තුළ විසිරී යාම ද සිදුවිය. නමුත් මෙයින් සිදුවූ වැදගත්ම බලපෑම වශයෙන් සැලකෙන්නේ විශ්වයේ විචිත්‍රත්වයට එයින් සිදුවන බලපෑමයි. ඒ අනුව ස්පේස් ටයිම් හෙවත් අභ්‍යවකාශ කාලයට බාධාවීමක් මෙමගින් සිදුවන්නට ඇත. මෙම ඝට්ටනය නිසා ගුරුත්වාකර්ෂණ තරංග උත්පාදනය වීම සිදුවූ අතර, තාරුකා විද්‍යාඥයන්ට අනුව මුළු සෞරග්‍රහ මණ්ඩලය සැලකූ විට එය මෙයට සමාන තත්වයකට මුහුණ දී ඇත්තේ වසර බිලියන ගණනක ඉතිහාසය තුළ පස්වැනි වතාවට ය.

මෙවැනි ‘තාරුකා හැප්පිලි’ නිසා විමෝචනය වන විකිරණය සහ ආලෝකය ‘කිලිනෝවා’ යනුවෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙවැනි තාරුකා ගැටුමකදී විමෝචනය වන භෞතික ස්කන්ධයක තේ හැන්දක ප්‍රමාණයක් පෘථිවිය මතදී ටොන් බිලියන ගණනාවක් විය හැකිය.

තාරුකා විද්‍යාඥයන්ට සහ පාරභෞතික විද්‍යාඥයන් මේ පිළිබඳ පවසන්නේ, “ඉදිරි වසර ගණනාවක් යන තෙක්ම මෙහි බලපෑම ගැන අපට සාකච්ඡා කරන්නට සිදුවේවි“ යනුවෙනි. 

-අමාලි ජයවීර

නියුට්‍රෝන තාරුකා දෙකක් හැප්පීමේදී සිදුවන දේ 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top