1150 x 80 px

 

සෞදි කුමාරවරුන් 11ක් අත් අඩංගුවට

සෞදි අරාබියේ කුමාරවරුන් 11 දෙනෙක් එරට රජය විසින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. සෞදි ප්‍රවෘත්ති සේවය පවසන පරිදි මෙම කුමාරවරුන් තමන්ට ලැබෙන වරප්‍රසාද රජය විසින් කප්පාදු කිරීමට එරෙහිව සවුදියේ රියාද් නගරයේ රජයේ දේපළක් තුළදී විරෝධතාවක් සංවිධානය කිරීමයි.

ඔවුන්ගේ එදිනෙදා වියදම් වලට අදාළව බිල් පියවීම මෙතෙක් සවුදි රජය විසින් සිදු කර ඇති අතර රජයේ වියදම් අවමකිරීම සඳහා එම වියදම් කප්පාදු කිරීමට රජය විසින් පියවර ගෙන ඇත.

ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කරුවන්ගෙන් එකක් වන සෞදි අරාබිය මේ වන විට රටේ ආර්ථිකය මත විවිධ පාලනයන් සිදු කරමින් සිටින අතර ජනතාව සදහා සහනාධාර කපා හැරීම, භාණ්ඩ හා සේවා වටිනාකම් මත බද්ධක් පැනවීමට කටයුතු කිරීම ආදී පියවරයන් සෞදි රජය විසින් මේ වන විටත් ගෙන ඇත.

ඒ යටතේ එක් අංගයක් වන මෙම රාජකීයයන්ගේ විදුලි බිල් ජල බිල් ආදී වූ වියදම් කප්පාදුවට ලක්කිරීම නිසා රාජකීයන් රජයට සිය විරෝධය එල්ල කරමින් සිටීයි.

අත් අඩංගුවට ගත් රජ කුමාරවරුන් දකුණු රියාද් හි හයියර් බන්ධනාගාරය වෙත යවා ඇති අතර ඔවුන් දැඩි ආරක්ෂාව මත රදවා ඇති බවට සෞදි ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ජනවතාවගේ ඉහළ ගොස් ඇති ජීවන වියදම පහළ දැමීම සදහා එරට රජය විසින් සෑම රජයේ සේවකයෙක් සදහාම මාසිකව රියාල් 1000ක් (ඇ.ඩො 267) ලබා දෙනු ඇති අතර යේමනයේ යුද්ධය සදහා සහභාගි වන ආරක්ෂක නිළධාරීන් ට සවුදි රියාල් 5000 බැගින් ගෙවනු ලැබේ. එනම් එක් සෙබලෙක් සහ යුද්ධය වෙනුවෙන් ඇ.ඩො. 1330 ක මුදලක් ගෙවමින් සිටිති. මෙසේ සෞදි රජය විසින් යුද්ධයට වැඩි වියදමක් දැරීම රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට හේතු පාදක වී ඇත.

මෙගින් ඇතිවන ගැටළු මගහරවා ගැනීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ශිෂ්‍ය දීමනා සහ වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

විරැකියා ප්‍රතිශතය 12%න් වන සෞදි අරාබියේ පසුගිය කාලය පුරා ලෝක තෙල් මිලෙහි සිදුවූ වෙනස්කම්ද මෙම ආර්ථික ගැටළුවලට ප්‍රධාන හේතුව වී ඇත.


හංසනී සම්පත්

http://outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top