1150 x 80 px

 

අති උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් ‘සාමයේ ඔලිම්පික් උළෙල‘ ඇරඹෙයි.

නූතන ඔලිම්පික් උළෙලේ ඔලිව් අත්ත අනිවාර්ය සංකේතයකි. ඔලිව් අත්ත මගින් සංකේතවත් කරන්නේ සාමයයි. මෙවර වසර 11කට පසුව උතුරු දකුණු කොරියාව ශීත ඔලිම්පික් උළෙල සඳහා එක්වන්නේ සැබෑ ඔලිම්පික් පණිවුඩය ලොවට ගෙන එමිනි.

උතුරු හා දකුණු කොරියාවට සාමයේ පණිවිඩය ගෙන යමින් ශීත ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක මොහෝත ඉතා උත්කර්ෂවත් ලෙස ඊයේ දිනයේදී දකුණු කොරියාවේ ප්යොන්ග්චාන්ග් හීදී ආරම්භ විය.

ඉතා විශාල ලෙස නිමවුණු පරවියකුගේ ආකෘතියක් මගින් ආලෝකවත් වුණු රාත්‍රී අහස පුරා දකුණු කොරියානු සුපුසිද්ධ ගායිකාවක වන ජෝන් ලිනොන් ගේ ගීතයක් මුසුව ගියේ වසර 11කට පෙර එක් ක්‍රීඩා පිටියක සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත් උතුරු හා දකුණු කොරියානු දෙරටට සාමයේ දෑත දිගු කරමිනි.

දැඩී ශීත පවතින පෙබරවාරියේ රාත්‍රියක් වූ ඊයේ රාත්‍රිය පුරා පැවති මෙම සමාරම්භක උළෙලේ තේමාව වී තිබුණේ සාමයයි. ඒ නිසාම මෙම උත්සවය ඇමතූ දකුණු කොරියානු නායකයා පවසා සිටියේ මෙවර ශීත ඔලිම්පික් තරඟාවලිය සාමයේ තරඟාවලිය ලෙසයි.

1953 දී බෙදී ගිය පසු තවමත් එකිනෙකා තුළ සඟවාගත් යුද්ධයේ ගිනි පුළිගු විසින් මෙවර ඔලිම්පික් උළෙලද ආක්‍රමණය කර තිබුණද වසර ගණනාවකට පසු දෙරට මෙසේ එක්වීම ඔවුන් අතර මිතුරු කථා බහකට තේමාවක් සපයා තිබුණි.

සමාරම්භක උළෙලේදී දෙරට ක්‍රීඩකයන් එකම ධජයක් යටතේ පෙළපාළියට එක්ව සිටියා සේම දකුණු කොරියානු නායක මූන් ෂුක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ව නියෝජනය කරමින් පැමිණි ඔහුගේ සොයුරිය කිම් යෝ ජොන් සමග අතට අත දී සිය සුහදත්වය ප්‍රකාශ කර ගත්හ. යුද්ධයෙන් පසු දකුණු කොරියාවට පැමිණි ප්යොන්යන්ග් රජ පරම්පරාවේ ප්‍රථම සාමාජිකාව කිම් යෝ ජොන් වේ.

ක්‍රීඩකයන් 2800 ක් සහභාගී වන ශිත ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම ක්‍රීඩා උළෙල මෙවර ශීත ඔලිම්පික් උළෙලයි. මෙවර තරඟාවලිය සඳහා තරඟ අංග 102ක් ඇතුලත් ය. එමෙන්ම සමාරම්භක උළෙල සඳහා මල් වෙඩි 20000ක් භාවිත කරන ලදී. සහයෝගී හොකී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් ඔලිම්පික් ගිනිසිළුව දැල්වීය.

මේ අතර ඊයේ රාත්‍රියේ ජාත්‍යන්තර මාධ්‍ය මගින් විකාශය කරන ලද ඇතැම් ඡායාරූපයකින් දැක්වුණේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද ඔලිම්පික් උළෙල බැලීමට පැමිණ ඇති බවකි. ඔවුන් දෙදෙනා ඉතා කුළුපග ලෙස එකිනෙකා සමගත් පැමිණ සිටි අය සමගත් කතා බහ කරන ආකාරය ද දැක්විණි.

නමුත් ඔවුන් සැබවින්ම එම නායකයන් ලෙස පෙනී සිටි නිරූපකයන් දෙදෙනෙක් වූ අතර, අනවශ්‍ය කලබලයක් ඇති කරන බව කියමින් ඔවුන් ව වහාම උත්සවය පැවැත්වෙන භූමියෙන් ඉවත් කිරීමට ඔලිම්පික් බලධාරීහු කටයුතු කළහ. නමුත් ඒ වන විටත් දෙදෙනා ට්විටර් සහ සමාජ ජාල හරහා ලෝක ප්‍රසිද්ධියක් ලබාගැනීමට සමත් වී තිබිණි.

- හංසනී සම්පත් | අවුට් බවුන්ඩ් ටුඩේ

සාමයේ ඔලිම්පික් උළෙල ඇරඹෙයි

ට්‍රම්ප්- කිම් ජොන් උන් දෙන්නත් ඔලිම්පික් බලන්න ඇවිත්!

 

 

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top