Untitled 1

පැල්මයිරාවේ නැවත බෙලිකැපීම ඇරඹෙයි. පාසල් ගුරුවරුත් ගෙළ සිඳ මරා දමලා.

සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය තුළදී අයිසිස් භටයන් විසින් දොළොස් දෙනෙකුගේ ගෙළ සිඳ මරා දමා තිබේ. ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කර ඇති මෙම පිරිසට ගුරුවරුන් ඇතුලු නගරසභා සේවකයන් සිව් දෙනෙක්, සිරියානු සොල්දාදුවන් සිව්දෙනෙක් සහ ක්වාලමාන් හිදී අල්ලාගත් ප්‍රතිවිරුද්ධ සටන්කරුවන් සිව්දෙනෙක් අයත් වේ.
මෙම ගෙළ සිඳ මරාදැමීම් සිදුකර තිබෙන්නේ ඓතිහාසික පැල්මයිරාවේ කෞතුකාගාර භූමියේදී ය. වසර 2000 ක් පමණ පැරණි නටඹුන් සහිත පැල්මයිරාව, පුරාණ ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල්කඩක් ලෙස සැලකිණි.

පසුගිය මාර්තු මාසයේ රුසියානු හමුදාවේ ප්‍රධානත්වයෙන් පැල්මයිරා නගරය අයිසිස් ග්‍රහණයෙන් මුදාගැනීම සිදුවිය. මේ ජය සමරමින් පැල්මයිරා ආරුක්කුව ත්‍රිමාන මුද්‍රණයෙන් නැවත නිර්මාණය කර එම ආරුක්කුව පාමුල අති දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීම සිදුවිය. නමුත් 2016 දෙසැම්බරයේ අයිසිස් භටයෝ නැවත පැල්මයිරාව අල්ලාගැනීමට සමත් වූහ. පැල්මයිරාව ඔවුන්ගෙන් ගිලිහී තිබූ සමයේ අසාද්ගේ හමුදාව විසින් පැල්මයිරා භූමිය තුළදී අයිසිස් භටයන් 25 දෙනෙක් මරාදැමීම සිදුවිය. විශ්වාස කෙරෙන්නේ පැල්මයිරාව තුළ 19 වැනිදා සිදුකෙරුණු මෙම ම්ලේච්ඡ ඝාතන, ඒ සඳහා පළිගැනීමක් වන බවයි. තවද පැල්මයිරාවේ අණසක පතුරුවාගෙන සිටින්නේ ඉස්ලාමීය රාජ්‍යය බවට වන පණිවුඩය පතුරුවමින් සිරියාව තුළ භීතිය දැනවීමේ උපක්‍රමයක් වශයෙන් ද අයිසිස් භටයන් විසින් මෙම ම්ලේච්ඡ ඝාතන සිදුකරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top