මෙක්සිකෝවේ භාණ්ඩවලට 20% ක බද්දක් පැනවීමට ඇමරිකාව සැරසේ!

මෙක්සිකෝවේ සිට ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට 20 % ක දේශ සීමා බද්දක් ( Boader tax) අය කිරීමට ඇමරිකාව යෝජනා කර ඇත.

ඒ අනුව මැක්සිකෝවෙන් ලබා ගන්නා භාණ්ඩවල මිල ඉහල යෑමෙන් ජනතාව අතර මැක්සිකානු භාණ්ඩ ප්‍රතික්ෂේප වීමේ නැඹුරුවක් ඇතැයි මැක්සිකානු විදේශ අමාත්‍ය ලුවිස් මහතා පෙන්වා දෙයි.

වසරකට මෙක්ස්කෝවේ සිට ඇමරිකානු ඩොලර් බිලියන 300 ක පමණ භාණ්ඩ ඇමරිකාවට අපනයනය කෙරේ. ඒ අතර රෙදි සෝදන මැෂින්, රූපවාහිනී යන්ත්‍ර සහ අලි පේර ප්‍රමුඛ වෙයි.

ඇමරිකානු ජනාධිපති ඩොලන් ට්‍රම්ප් මහතා ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් වූ මැක්සිකෝව හා ඇමරිකාවේ දේශ සීමා වෙන් කරමින් තාප්පයක් ඉදිකිරීම ක්‍රියාවට නැංවීමේ ආරම්භය පසුගිය සතියේ සනිටුහන් කලේය.

ඇමෙරිකා එක්සත් ජනපද හා මෙක්සිකෝ දේශසීමාව අතරේ ඉදි කෙරෙන තාප්පයේ තමන් වියදම නොදරන බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම දේශසීමාව වෙන් කරමින් කිලෝමීටර් 3200 ක තාප්පයක් ඉදිකිරීමට අවශ්‍ය බලය පැවරීමේ ලේඛණ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ අත්සන් තැබීය.
මේ අතර මෙක්සිකානු ජනාධිපතිවරයා ඇමරිකාවේ සංචාරය කිරීමට කලින් සැලසුම් කර තිබුණද එය පසුව අවලංගු කර දමන ලදී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top