1150 x 80 px

ට්‍රම්ගේ තීරණයට ඊශ්‍රායලයේ සහාය

මෙක්සිකානු - ඇමරිකානු දේශසීමාව මත තාප්පයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කිරීමෙන් පසු ලෝක දේශපාලනය උණුසුම් විය. ට්‍රම්ප් ප්‍රකාශ කළේ අනවසර සංක්‍රමණිකයන් සිය රටට ඇතුළුවීම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගන්නා බවයි.

ඇමරිකාවට කවදත් පක්ෂපාතී ඊශ්‍රායලය ට්‍රම්ප්ගේ යෝජනාවට සහයෝගය ලබාදී තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ගේ යෝජනාවට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා. නෙදන්යාහු සිය ට්විටර් පණිවිඩයෙන් මෙසේ පවසනවා.

'ජනාධිපති ට්‍රම්ප් නිවැරදියි. මමත් ඊශ්‍රායල් දකුණු දේශසීමාවේ තාප්පයක් ඉදිකළා. එය අනවසර සක්‍රමණිකයන් පාලනය කිරීමට වැදගත් යෝජනාවක්, වැදගත් අදහසක්. එය ඇමරිකාව ලැබූ විශාල ජයග්‍රහණයක්.'

නෙදන්යාහු සිය රටේ ඊජිප්තු දේශසීමාව හරහා තාප්පයක් ඉදිකළ අතර ඒ නිසා සෝමාලියා, එරිත්‍රියා, සුඩාන් ඇතුළු විවිධ ගැටලු පවතින අප්‍රිකානු රාජ්‍යවල සංක්‍රමණිකයන් රටට ඇතුළුවීම වලක්වා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපධූරයට පත්වීම ඊශ්‍රාලයට වැදගත් බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ. නෙතන්යාහුගේ පාලන කාලසීමා හතර තුළ රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු පත්වූයේ පළමු වතාවටයි. මතවාදීමය වශයෙන් රිපබ්ලිකන් පක්ෂය හා නෙතන්යාහුගේ සභාග රජය එක සමාන මට්ටමක සිටින අතර මේ නිසා දෙරට අතර දැඩි සමීප බවක් ඇතිවනු ඇත. එ‍හෙත් එය ලෝක දේශපාලනයට හා විශේෂයෙන් මැද පෙරදිග කලාපයට බලපාන්නේ කෙසේද යන්න ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top