1150 x 80 px

‘ මං කියන දේ අහලා වැඩ කලා නම් ස්වීඩනයට ඔහොම වෙන් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

‘ මම ඕක කිව්වා. ඔය මුස්ලිම් ජිහාඩිස්ට්ලා දාස් ගණනින් රටට ගන්ඩ එපා කියල මම ස්වීඩ්න් රජයට අවවාද කලා. කොහෙද ඒ ගොල්ලො මාව ජෝක් එකකට ගත්තනෙ. මං වගේ යමක් කම් දන්න කියන යමක් කමක් තියෙන කෙනෙක් දෙයක් කිව්වහම ඒකට සවන් දුන්නා නම් අද රෑ මේ විනාශෙ සිද්ධ වෙන්නෑ. ඕක දන්න නිසා තමයි මම අපේ රටේ මුස්ලිම් ට්‍රැවල් බෑන් එක දැම්මෙ. අපේ අධිකරණයේ ජාති ද්‍රෝහියො දේශ ද්‍රෝහියො ඒකට ඉඩ දෙන්නෑ. ස්වීඩනයේ වගේම හෙට අනිද්දා අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවෙන එක ෂුවර්' යනුවෙන් තමන්ට හුරේ දමන අමන ජනතාවක් ඉදිරියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරන්නට යෙදිණි.

පුවත්පතක් නොකියවන ප්‍රවෘත්තියක් නොබලන බඩ ගැන පමණක්ම හිතන ට්‍රම්ප්වාදීන් තමන්ගේ නායකයා පිළිබඳව හුරේ දමමින් උජාරුවෙන් කතා කරන්නට වූයේ ඔහු  කියන සෑම ‍දෙයක්ම 100% ක් විශ්වාස කරන නිසාවෙනි.  ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ තම මැටි මෝල් ජනතාව අන්දවනු ලැබුවේ 2020 ජනාධිපතිවරණය සඳහා ෆ්ලොරීඩාවේදී පළමු රැලිය අමතමිනි. පදවියට පත්වී මාසයක් යාමට ප්‍රථම ගොං හරක් වැඩ රැසක් කිරීම නිසා හොට බිම ඇණගෙන සිටින ට්‍රම්ප් ඉදිරි කාලය අල්ලාගෙන සිටින්නේ කොහොමදැයි යන්න නොසිතා දැන් පිඹුරු පත් සකස් කරමින් සිටින්නේ 2020 දී නැවත බලය අල්ලාගන්නේ කෙසේද කියාය.

ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් මේ වන විට අසමින් සිටින්නේ ‘මූට පිස්සුද එහෙම නැත්තන් අපට පිස්සුද?  කියාය.

ට්‍රම්ප්ගේ කතාවෙන් අන්දමන්ද වුනු ස්වීඩනය ඇසුවේ ‘කොහොද අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වුනේ? කියාය. ස්වීඩනයේ හිටපු අගමැති කාල් බ්ලයිට් පවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසා සිටියේ ස්වීඩනයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවුනේ කවදාද? යන්නයි.

ට්‍රම්ප් ස්වීඩනයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ ඊට පසුදිනය. ඔහු පවසා සිටියේ ‘මම ඒක දැක්කෙ ඇමරිකාවෙ ෆොක්ස් රූපවාහිනියෙන්. ඒකනෙ මං කියන්නෙ මේ සේරම ජනමාධ්‍ය කාරයො Fake News කාරයො කියල. ඒක නිසා උන් කියන ඒවා ගණන් ගන්න එපා. මම කියන එක විතරක් විශ්වාස කරන්න' යනුවෙනි.

මේවා අසන දකින ප්‍රවෘත්ති සත්වයින් වන අපට දැන් මුළු ලෝකයම පෙනෙන්නේ භ්‍රමණය  වන ආකාරයටය. අපට සිතෙන්නේ දැන් අපටත්  බාගෙට පිස්සු කියාය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top