1150 x 80 px

හොංකොං රාජ්‍යයට අලුත් නායිකාවක්- රට නොසන්සුන්

චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වශයෙන් පවතින හොංකොං රාජ්‍යයේ පැවති මැතිවරණයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් එහි නායිකාව වශයෙන් පත්ව තිබේ. ඇය, කැරී ලෑම් ය.

 

59 හැවිරිදි කැරී ලෑම් චීනයේ සහයෝගය විශාල වශයෙන් ලද චරිතයක් වශයෙන් ද ප්‍රකට ය.තවද මෙම මැතිවරණය ජනතා සහභාගිත්වයෙන් පවත්වන ලබන මහ මැතිවරණයක් නොවේ. හොංකොං හි මැතිවරණ ක්‍රමය අනුව මෙය, සාමාජිකයන් 1200 දෙනෙක-ුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකරන තෝරාගැනීමක් වන අතර, ජන නායකයා හඳුන්වන ධුරය ප්‍රධාන විධායක යන්නයි. මේ අනුව හොංකොං හි ප්‍රධාන විධායක තනතුර සඳහා තරගකර එයින් ජයග්‍රහණය ලද ප්‍රථම කාන්තාව බවට කැරී ලෑම් පත් වේ. ඇය ලබාගත් කමිටු ඡන්ද ගණන 777 කි.

ඇය සමග තරග කළ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ හිටපු මුදල් අමාත්‍ය ජෝන් සැන්ග් ය. ඔහු විශාල වශයෙන් ජනතා ප්‍රසාදය හිමිකරගෙන සිටි අයෙක් වූ නමුත් ඔහු ලබාගත්තේ කමිටු ඡන්ද 365 ක් පමණි. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග හොංකොං නගරය පුරා උද්ඝෝෂණ මාලාවක් ද හටගෙන තිබේ. විශේෂයෙන්ම හොංකොං හි පාලකයා පත්කරන කමිටුවේ නියෝජිතයන් විශාල වශයෙන් චීන බලපෑමට නතු වන බවට නැගෙන චෝදනාව සුලුපටු නොවේ.

කැරී ලෑම්, හොංකොං හි ප්‍රචලිතව ඇත්තේ නැනී යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව සිවිල් සේවිකාවක් වශයෙන් කටයුතු කළ දීර්ඝ වෘත්තීය කාලය තුළ විවිධ ව්‍යාපෘති ගණනාවක් බලාගන්නා තැනැත්තිය වශයෙන් ඇය කටයුතු කිරීමයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top