1150 x 80 px

ද. කොරියා හිටපු ජනාධිපතිනි අත්අඩංගුවට ගනී

දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ජනාධිපතිනි පාර්ක් ග්වෙන්-හයි, එරට අධිකරණය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයට එරෙහිව එල්ල වූ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ හා දූෂණ චෝදනා පිළිබඳ පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහායි.

 

පාර්ක් ග්වෙන්-හයි ජනාධිපතිධූරයේ සිටියදී ඇයගේ සමීපතම හිතවතිය වන චෝයි සූන්-සිල් විසින් සැම්සුන් ආයතනය ඇතුළු සමාගම් ගණනාවකින් බලහත්කාරයෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ අතර එහෙන්ම ඇය රාජ්‍ය පාලන කටයුතුවලට අයුතු බලපෑම් එල්ල කර ඇති බවට ද චෝදනාවට ලක්විය. චෝයි සූන් විසින් ඇයගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති පදනමක් සඳහා මේ අයුරින් ඩොලර් මිලියන ගණනක් ලබාගෙන තිබේ.

මේ නිසා මෙම මස මුලදී ජනාධිපතිනිය බලයෙන් පහකෙරුණු අතර මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ඇය අත්අඩංගුවට ගත් තෙවැනි දකුණු කොරියානු ජනාධිපතිවරයා වේ.

සෝල් අගනුවර මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ඇයව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව හිටපු ජනාධිපතිනය අත්අඩංගුවට පත්ව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඇයට එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් අවම වශයෙන් වසර 10 ක දඬුවමක් ලැබීමට නියමිත බවයි.

මේ අතර හිටපු ජනාධිපතිනියගේ ආධාරකරුවන් පිරිසක් ඇයව නිදහස් කරන ලෙස බලකරමින් සෝල් අගනුවර විරෝධතාවයක් ද පවත්වා ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top