Untitled 1

මහා බ්‍රිතාන්‍යය  හදිසි මහා මැතිවරණයකට යයි!

මහා බ්‍රිතාන්‍ය යේ හදිසියේ මහා මැතිවරණයක් මේ වන විට ප්‍රකාශයට පත් කොට තිබේ.

මහා බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින් ලබන ජූනි 08 වෙනිදා මහා මැතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා පැවැත්වූ ජනමත විචාරණයෙන් පසුව බ්‍රිතාන්‍යට නිශ්චිත, ශක්තිමත් හා ස්ථාවර නායකත්වයක් අවශ්‍ය බැවින් මහා මැතිවරණය පවත්වන බව  අගමැතිවරිය පවසයි. මේ අවස්ථාවේදී  පැහැදිලි කීරීමක් සිදු කරමින් ‘අගමැතිවරිය පවසා සිටියේ  ‘රට එක්ව ගමන් කරනවා. නමුත් වෙස්මිනිස්ටර්ස් නැහැ ' යනුවෙනි.

මේ අතර යෝජිත මැතිවරණය සඳහා ලබන බදාදා පැවැත්වෙන පොදු ඡන්ද විමසීමේදී එරට කම්කරු පක්ෂය සහ රජය ඒකාබද්ධව කටයුතු කරනු ලබන බව පැවසේ.  

එසේම මෙය අගමැතිවරියගේ ගේම් එකක් ලෙස මෙයට විරෝධය දක්වමින් අනිකුත් දේශාපාලන පක්ෂ චෝදනා කරති. මෙම තීරණය රට අස්ථාවර තත්වයකට පත්කීරීමේ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙති

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top