1150 x 80 px

සමාජ ජාලා කැළඹූ කැනඩා අගමැතිගේ පුතා
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පසුගිය බ්‍රහස්පතින්දා සිය කාර්යාලයට ආවේ ඔහුගේ තුන් හැවිරිදි පුත්‍රයාද කැටුවය.
අගමැති පුතා සිය පියා සමග රැස්වීම්වලට මෙන්ම මාධ්‍ය හමුවලටද එක්වූ අතර ඔහු සියලු දෙනාගේ ආදරය දිනාගැනීමට සමත් විය. එසේම අගමැතිවරයාට සිය පුත්‍රයා සමග හැංගිමුත්තං සෙල්ලම් කිරීමට ද සිදුවූ අතර මේ නිසා ඔහු වඩාත් කාර්යබහුල විය.
 
අගමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ 'Had some company at the office today!' යනුවෙන් සටහන් කරමින් පුත්‍රයාගේ ඡායාරූප පළකළ අතර මේ වනවිට ඒ සඳහා ලොව නන් දෙසින් ප්‍රතිචාර ලැබෙමින් පවතී.
 
කැනඩා අගැතිවරයාගේ හුරුබුහුටි පුත්‍රයා මේ වනවිට ලොවපුරා ලක්ෂ සංඛ්‍යාවකගේ ආදරය දිනාගෙන තිබේ. ෆේස්බුක් පාඨකයන් 11,814 දෙනෙකු එය සිය ගිණුම්වල ෂෙයා කර ඇති අතර ලයික් 222,000 ක් පමණ ලැබී තිබේ.
 
එක් ඇමරිකානුවකු කමෙන්ට් කරමින් ඉල්ලා ඇත්තේ 'අගමැතිතුමනි, ඇමරිකාව ද දරුකමට හදාගන්න' යනුවෙනි.
 
tudors son 1
tudors son 2
tudors son 3
tudors son 4
tudors son 5

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top