1150 x 80 px

''අපිට ඇමරිකාවටත් ගහන්න පුළුවන්''-මිසයිල අත්හදාබැලීමෙන් පසු උතුරු කොරියාවෙන් තර්ජනයක්

උතුරු කොරියාව ඊයේ තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා සාර්ථක ලෙස අත්හදා බැලුවේය.

හ්වාසොන්ග්-12 නමැති මේ මිසයිලය අත්හදා බැලීමට පෙර ද උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර” එය විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික පිපිරීමකට අවශ්‍ය ආයුධයක් ගෙන හා හැකි තරමට දියුණු කළ එකක් බව වාර්තා වේ. පහසුවෙන්ම තමන්ට ඇමරිකා එක්සත් ජනපදය වුවත් ඉලක්ක කළ හැකි බව උතුරු කොරියාව මෙම අත්හදාබැලීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
 
උතුරු කොරියාව මෙම අවදානම්කාරී අත්හදාබැලීම සිදුකළේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පස්වැනි මිසයිල අත්හදාබැලීමක් සිදුකළ හොත් ඉතාම බරපතළ විපාක වලට මුහුණ දෙන්නට උතුරු කොරියාවට සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබියදී ය. එසේම අවශ්‍ය නම් තමන් උතුරු කොරියාව සමග සාකච්ඡාවට සූදානම් යැයි ද කියා තිබියදී ය. කෙසේ නමුත් මෙම අත්හදාබැලීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරන නිකී හේලි පවසා තිබෙන්නේ සාකච්ඡාවලට මාර්ගය මිසයිල එවීම නොවන බවයි. තමන්ගේ කොන්දේසිවලට එකඟ වන තෙක් ඇමරිකාව සාකච්ඡා මේසයේ වාඩි නොවන බව ද ඇය අවධාරණයෙන් කියා ඇත.

මේ අනුව උතුරු කොරියාවේ න්‍යෂ්ටික අනාගතය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක විය හැකි බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top