Untitled 1

ප්‍රංශ අගමැති තනතුරට එඩුවෝර්ඩ් පිලිප්පෙ
ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් විසින් නව අගමැතිවරයා ලෙස මධ්‍ය දක්ෂිංශික රිපබ්ලිකන්වාදියෙකු පත් කරගෙන තිබෙනවා. නව අගමැති එඩුවෝර්ඩ් පිලිප්පෙ (46) ද මැක්රෝන් හා සම වයස් පුද්ගලයෙකු වීම විශේෂත්වයකි.
ප්‍රංශයේ ප්‍රධාන පක්ෂයකින් පරිබාහිරව ජනාධිපතධූරයට පත් වූ පළමුවැන්නා වන මැක්රෝන්ගේ මෙම තීරණය ප්‍රංශයේ වාමාංශික මෙන්ම දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහයන්ගේ සිත් දිනාගැනීමට ගත් ශූර තීන්දුවක් ලෙස සැලකෙනවා.
 
මැක්රෝන් නව ජනාධිපතිවරයා ලෙස දිවුම්දීමෙන් අනතුරුව සිදුකළ ඉහළතම පත්කිරීම මෙය වන අතර ජනාධිපතිධූරයට පත්වීමෙන් දෙදිනක් ඉක්ම යන්නට මත්තෙන් අගමැතිවරයා පත්කිරීම ද විශේෂත්වයකි.
 
පිලිප්පෙ දකුණු ප්‍රංශයේ ලෙ හැව්රේ නගරයේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අතර මෙවර ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකත්වයට තරග කොට දෙවැනියා විය. 
 
කෙසේ වෙතත් මීට සති කිහිපයකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනේ අගමැති තනතුර සඳහා කාන්තාවක් තෝරා ගන්නා බවයි. ඉදිරි මාසයේදී ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීටම නියමිත අතර ඔහු සිය පක්ෂයේ අපේක්ෂකයන්ගෙන් 50% ක් පමණ කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top