Untitled 1

ප්‍රංශ කැබිනෙට්ටුවට කාන්තා මුහුණු 11 ක්
ප්‍රංශයේ නව ජනාධිපතිවරයා සිය කැබිනට් මණ්ඩලයට සමාන ස්ත්‍රී - පුරුෂ නියෝජනයක් ලබාදී තිබෙනවා. ඒ අනුව සාමාජිකයන් 22 කගෙන් සමන්විත කැබිනෙට්ටුව ඇමතිවරියන් 11 දෙනෙකුගෙන් සමන්විත වේ.
ජනාධිපති එම්මානුවෙන් මැක්රෝන් ජනාධිපතිවරණයට පෙර සිටම කියා සිටියේ කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබාදෙන බවයි.
 
ප්‍රධානතම අමාත්‍යංශයක් වන ආරක්ෂක අමාත්‍යධූරයට සිල්වි ගොලාර්ඩ් පත්කර ඇති අතර හිටපු ඔලිම්පික් ශූරියක් වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍යධූරයට පත්කර තිබෙනවා. මීට අමතරව ආර්ථික කටයුතු අමාත්‍යධූරය සඳහා බෘෘනෝ ලෙ මෙයිර් පත්කර තිබෙනවා.
 
සිය කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී වාමාංශික, දක්ෂිණාංශික මෙන්ම මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම් සඳහා ද අවස්ථාව ලබාදීමට නව ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top