1150 x 80 px

ලන්ඩනයට ඇසිඩ් ප්‍රහාර 5 ක්

 

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලන්ඩනයෙන් ඇසිඩ් ප්‍රහාර 5 ක් වාර්තා විය. සොරකමක් සිදුකිරීමට යාමේදී මෙම ඇසිඩ් ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි සැලකේ. කෙසේ නමුත් පසුගිය සමයේ ලන්ඩන් ජන ජීවිතය නොසන්සුන් කළ ප්‍රහාර මාලාවට එල්ල වූ තවත් කළු පැල්ලමක් ලෙස මෙය සැලකේ.

මෙම ඇසිඩ් ප්‍රහාර 5 ම වාර්තා වන්නේ විනාඩි 90 ක් වැනි කාලයක් ඇතුළත වීම ද විශේෂත්වයකි. රෙෂ්මා ඛාන් නමැති සුන්දර තරුණිය ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ අය අතර වේ. ඇය මෙම ප්‍රහාරයෙන් පසුව සම්පූර්ණයෙන්ම විකෘති පෙනුමකට පත් වී ඇත.

ලන්ඩනයේ පොලිස් කොමසාරිස්වරිය පවසා තිබෙන්නේ පසුගිය දින කිහිපය තුළ ‘කොරෝසිව් ලික්විඩ්ස්’ යනුවෙන් පොදුවේ හඳුන්වන සැර අම්ලවර්ගවල ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. මේ ප්‍රහාර සම්පූර්ණයෙන්ම ම්ලේච්ඡ ඒවා බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

ඉදිරි දිනවලදී මෙම ම්ලේච්ඡ අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ද බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ ප්‍රකාශිකාවක් කියා සිටියාය.

- අමාලි ජයවීර

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top