1150 x 80 px

 

රූපවාහිනියේ වැඩ ගැන ජනාධිපතිට මළ පැනලා !

ජාතික රූපවාහිනියේ වැඩසටහනකදී ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පළ කළ අදහස් හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කෝපයකට පත්ව මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දොස් පවරා ඇතැයි වාර්තා වේ.

පසුගියදා ජාතික රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකදී බැඳුම්කර කොමිසමේ හෙළිදරව් වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර ඇති අතර තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි පරීක්ෂණ වලදී නීතිපති දෙපාර්තමේන්තුව දක්වන අලස ස්වභාවය ප්‍රශ්න කර ඇත. එසේම ජනාධිපතිවරයා ද එම පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නොකරන බව පවසමින් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ද විවේචනය කර ඇත. එහිදී ජනාධිපතිවරයා 'හැම එකටම ගොරවන බව' සුජීව සේනසිංහ විසින් ප්‍රකාශ කර තිබේ.

එම වැඩසටහන නැරඹීමෙන් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා වහාම ජාතික රූපවාහිනී සභාපති රවී ජයවර්ධනට දුරකථනයෙන් අමතා ඇතත් ඔහු අමාත්‍යාංශයේ ද අවසරය ඇතිව විදෙස්ගත වී ඇති බව දැනගන්නට ලැබී ඇත. ඉන් අනතුරුව අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපවතිවරයා මෙම වැඩසටහනට සුජීව සේනසිංහ ගෙන්වීම පිළිබඳව ඔවුන් සමඟ දිගින් දිගටම බැණ වැදී ඇති අතර මාධ්‍ය ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වියරුවෙන් මෙන් හැසිරී ඇති බවය.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගි වූ ‘ආයුබෝවන්, සුබ දවසක්’ වැඩසටහන මෙතැනින්.

Top