1150 x 80 px

 

කඩා වැටෙන ආර්ථිකයට පිලියම් සොයන මුවාවෙන් චම්පික වෙනත් වැඩක!

ශ්‍රී ලංකාවෙහි කඩා වැටෙන ආර්ථිකය යලි නැංවීමට නව ආර්ථික වැඩපිලිවෙලක් සකස්කිරීම සඳහා වූ  සාකච්ඡාවක් ඊයේ (10) විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ කාර්යාලයේදී  පැවැත්වීය.

ඒ සඳහා විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් සහභාගි විය.

පිරිහෙන ආර්ථිකයට පිලියම් සෙවීම යනුවෙන් පිටතට පෙන්නුවද  එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය සඳහා ඉදිරිපත්වීමට අමාත්‍ය චම්පික කරණවක මහතා සැරසෙන බවක් එම සාකච්ඡාවේදී පැහැදිලිව පෙනෙන්නට තිබූ බව සඳහන්.

සැම දිස්ත්‍රික්කයක් තුලම  ජාතික හෙල උරුමයේ නායකත්වයක් ගොඩ නැගීමට අමාත්‍යවරයා සැලසුම් කරමින් සිටින බවත් ඒ හරහා  ජනාධිපතිවීමට චම්පික රණවක මහතා බලාපොරොත්තුව සිටින බවත් එහිදී අනාවරණය වී ඇක.

Top