1150 x 80 px

 

පක්ෂෙ නම දැකලා  - බැසිල්ට මල පැනලා !
බැසිල් රෝහණ රාජපක්ෂ මහත්තයා මේ දවස්වල ගජරාමෙට එයා හදන අලුත් පක්ෂෙ වැඩලු. පක්ෂෙ වැඩට සපෝට් එක දෙන්නෙ ඉන්දියාවෙන්ලු. පහුගිය සතිඅන්තෙ පත්තරේක හෙඩිමෙ තිබ්බෙ බැසිල් දැන් පක්ෂෙ ශාඛාත් හදන්න පටන් අරගෙන කියලා. නමුත් කවුරුවත් පක්ෂෙ නම දන්නැහැල්ලු.
පක්ෂෙට නම දානඑක බැසිල් බාරදුන්නෙ ඇමරිකාවෙ ඉන්න එයාගෙ බිරිඳටලු. ඒකියන්නෙ පුෂ්පා රාජපක්ෂට.
 
නියමෙට ගණ පිහිටවලා ගැලපෙන නමක් දාන්න පුෂ්පා කල්පනා කර කර ඉන්න අතරෙ වැඩේට හරියන පරන මෑන්ස් කෙනෙක් පුෂ්පාට මතක් උනාලු. ඒ කාලෙ පුෂ්පයි බැසිලුයි හැම සුබ වැඩක්ම කරගෙන තියෙන්නේ ඒ මෑන්ස්ට කියලාලු.
 
මල්වානෙ කැලණි ගඟට මායිම්වෙච්ච අලුත් ගෙදර, මාතර ඉන්දියන් සාගරේ පේන බ්‍රවුන්ස් හිල්වල බීච් ෂැලේ හතර සේරටම නැකැත් දුන්නෙ ඔය කියපු මෑන්ස්ලු. නැකැත් විතරක් නෙවෙයිලු ඒවගේ සියලුම තොරතුරු මාධ්‍ය හරහා ලංකාවටම කිව්වෙත් ඒ මෑන්ස්මලු.
 
හැමඑකක්ම කරගත්ත එකේ පක්ෂෙ නමේ වැඩෙත් මෑන්ටම කියලා කරගන්නවා කියලා පුෂ්පා, මෑන්ට කෝල්එකක් දුන්නලු.
 
කාලෙකට පස්සෙ ආගිය තොරතුරු කතාකරලා තමන්ගෙ අවශ්‍යතාවය කියපුගමන් සාස්තර මෑන්ස් කිව්වලු, 'ඕකට නියම නමක් තියනවා මැඩම්' කියලා. මොකද්ද කියලා ඇහුවම මෑන් කියනවලු අලුත් පක්ෂෙට 'CJP' කියල දාන්න කියලා. ඉන්දියාවෙ 'BJP' තියන නිසා ලංකාවෙ 'CJP' කියන එක හොඳට ගැලපෙනවා කිව්වලු.
 
එතකොට පුෂ්පා අහනවලු 'CJP කියන්නෙ Ceylon Janatha Party කියන එකද ?' කියලා. නමුත් මෑන් කිව්වලු 'ඒක බැසිල් මහත්තයාට ලියලා යවන්නං' කියලා.
 
පුෂ්පගෙ පණිවිඩෙන් පස්සෙ අලුත් පක්ෂෙ සම්පූර්ණ නම දැනගන්න බැසිලුත් දතකට මැදගෙන බලන් හිටියලු.
 
දින දෙකතුනකින් බැසිල්ගෙ නමට පෝස්ට් කාඩ්එකක් ආවලු. ඒකෙ CJP කියන්නෙ 'චෞර ජනතා පක්ෂය' කියල සඳහන් වෙලා තිබුණලු.
Top