සෙල්ලම් පිස්තෝලයාට බය ඇමති !
දකුණේ, සෙල්ලම් පිස්තෝල නගරාධිපති යනුවෙන් විරුධාවලි ලත් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, ඔහුගේ ගජයෙක් එක්ක එක්කහු වෙලා පෙට්‍රල් ෂෙඩ්එකක් පටන් ගන්න යනවලු. යාළුවා මුදල් ආයෝජනය කරනවා, එරාජ් කරන්නෙ තමන්ගෙ දේශපාලන බලයෙන් අදාල බලපත්‍ර ලබාගැනීම.
එරාජ්ගෙ ඉස්කෝලෙ යාලුවෙක් වෙන චන්දිම වීරක්කොඩි පෙට්‍රෝලියම් ඇමතිතුමා හම්බවෙලා එරාජ් ෂෙඩ්එකට අවශ්‍ය පෙට්‍රෝලියම් බලපත්‍රය ඉතා පහසුවෙන් ලබාගත්තලු. ඊළඟට තියෙන්නෙ ෂෙඩ්එක හදන්න අවශ්‍ය ඉඩමට ඒ සඳහා අනුමැතිය ලබාගැනීම. එරාජ් ඒකට අදාල ඇමතිතුමාව හම්බවෙන්න ගියාලු.
 
'ආ....... සෙල්ලම් පිස්තෝලයා, මොකද මේ පැත්තෙ ?' ඇමතිතුමා තමන්ගෙ කාර්ය මණ්ඩලයටම ඇහෙන විදියට නිකං කින්ඩියට වගේ එරාජ්ගෙන් ඇහුවලු.
 
'පොඩි වැඩක් කරගන්න ඇමතිතුමා. ආ.... ඒක නෙවෙයි ඇමතිතුමා, මම ඔබතුමාව දැක්කා දවස් කීපයක්ම අපේ ෆ්ලැට් එකේ. මං කතාකරන්න එලියට බහිනකොටම ඔබතුමා අතුරුදන්.'
 
එරාජ්ගෙ කතාවෙන් ඇමතිතුමා තක්කු මුක්කු වෙලා.
 
'කො..කොහෙද ? මො...මොන ෆ්ලැට් එකේද ?'
 
'ඇයි ඇමතිතුමා, කොල්ලුපිටියෙ සෙන්ට් ලෝරන්ස් රෝඩ් එකේ'
 
'නෑ.... නෑ, මම එහේ එන්නෙත් නෑ, දන්නෙත් නෑ. ඇයි මාව හම්බවෙන්න ආවෙ ? මොකද්ද මගෙන් කෙරෙන්න ඕන ?' කියා කතාව වෙනතකට හරවා ඇත.
 
පසුව එරාජ්, තම අවශ්‍යතාවය හෙළිකළ පසු ඔහුට එළියට ගොස් වාඩිවී සිටින්නැයි පැවසූ ඇමතිවරයා, වහාම නිළධාරියෙක් කැඳවා,
 
'අන්න අර සෙල්ලම් පිස්තෝලයගෙ වැඩේ කරලා දීලා විගහට එයාව මෙතනින් එළවලා දාන්න' යනුවෙන් නියෝග කර තිබේ. කෙසේ නමුත් අදාල ඇමතිවරයා නොදන්නවා වුවද ඔහුගේ පැමිණීම සහ පිටව යාම අදාල සුපිරි මහල් නිවාස සංකීර්ණයේ CCTV කැමරාවල කදිම ලෙස සටහන් වී තිබේ.
 
කෙතරම් වෙස්වලාගෙන ආවද උස සැඟවීමට නොහැකි බව ඇමතිවරයා නොදන්නවා වියහැක. ජාතික ඇඳුම ගලවා ට්‍රැක් බොටම්, ටීෂර්ට්, ට්‍රේනර්ස් සහ බේස්බෝල් කැප් පැළඳියද මේ අහවලා බව නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශ දින දෙක තුනකින්ම හඳුනාගෙන ඇත.
Top