1150 x 80 px

'මේ තම්බියා මොකද්ද යකෝ මෙහෙ කරන්නෙ ?'
මේ කතාව සිද්දඋනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලෙ.
ඒ කාලෙ එතුමා වැඩිපුර ගියේ කවුරුත් වැඩිය අහලා නැති රටවල්වලට. බෙලරුස්, ස්වාසිලන්තය, උගන්ඩාව වගේ රටවල්වලින් තමයි එතුමාට නිල සංචාර සඳහා ආරාධනා කළේ. මහින්දත් බලං ඉන්නෙ මොන රටෙන්ද එයාට ආරාධනා කරන්නෙ කියලා. 
 
ආරාධනාව හම්බවෙච්ච සැනින් ම තමන්ගෙ හැත්ත බුරුත්ත සේරම ඉස්සර කොරගෙන දකුණේ නියම පිළිවෙලට මහින්ද නෑගම් යනවා. ඔය අස්සෙ තවත් සෙට්එකක් ඉන්නවා ජනාධිපතිතුමා යන්නෙ මොන රටටද කියලා හොයාගෙන එයා යන ෆ්ලයිට් එකේම හරි ඊට කලින් හරි, අදාල රටේ හෝටල් බුක් කරගෙන තමන්ගෙ අතින් කයිට් කරගෙන ජනාධිපතිතුමා එක්ක පිටරට යනබව පෙන්නන්න දඟලන කට්ටියක්. 
 
ඒ අය කරන්නෙ ජනාධිපතිතුමාට කලින් අදාල රටට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා එන වෙලාවට එයාපෝර්ට් එකට හරි නැවතිලා ඉන්න හෝටලේ ලොබියට හරි වෙලා රැකලා ඉඳලා මූණ පෙන්නලා එක දාගැනීම.
 
ඔන්න ඔය වගේ අමාරුවක් හැදිච්ච ලංකාවේ සුප්‍රකට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් මහින්ද රාජපක්ෂ උගන්ඩාවෙ යන බව ආරංචි වෙලා මිනිහගෙ අතින් වියදම් කරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා යන්න කලින් උගන්ඩාවට ගිහිල්ලා. පස්සෙ මේ මනුස්සයා පැය ගණනක් උගන්ඩා එයාපෝර්ට් එකේ රස්තියාදු වෙවී මහින්ද එනකං ඉඳලා.
 
උගන්ඩාවේ එන්ටැබේ එයාපෝර්ට් එක කටුනායක තරම්වත් බිසී තැනක් නෙවෙයි. ඒක නිසා අපේ මුස්ලිම් ව්‍යාපාරිකයට කරදරයකින් තොරවම ජනාධිපතිතුමා ඉදිරියටම යන්න ලැබිලා. ජනාධිපතිතුමා ඉස්සරහට ගිය මේ මනුස්සයා දෙකට නැමිලා 'ගුඩ් ආෆ්ටර්නූන් යුවර් එක්සලන්සි' කියපුවාම මහින්ද මිනිහා දිහා හැරිල බලලා. මිනිහව දැක්ක ගමන් මහින්දව පස්සට විසිවෙලා. කොච්චර පුදුම උනාද කියනවා නං මහින්ද, සේරම ආරක්ෂකයන්ට ඇහෙන විදියට 'අම්මට හුඩු, මේ තම්බියා මොනවද යකෝ මෙහෙ කරන්නෙ ?' කියලා විමතියෙන් මුස්ලිම් ව්‍යාපාරිකයා දිහා විනාඩියක් විතර බලන් හිටියලු. එතකොට ආරක්ෂක අංශෙ අය කිව්වලු 'සර්, මේ මිනිහා අපේ මිනිහෙක්' කියලා. 'ඒක හරි යකෝ...... මේකා මොනවද මෙහෙ කරන්නෙ ? ඔන්න ලන්ඩන් හරි නිව්යෝක් හරි උනා නං හිතාගන්න පුලුවන්. ඒත් බං මේ උගන්ඩාව නේ.' කියමින් මහින්ද පිළිතුරු දුන්නාලු.
Top