1150 x 80 px

හිටපු ජනාධිපතිට ෆේස්බුක් එකේ ජොබ් එකක් !
හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාට අලුත් ජොබ් එකක් හම්බ වෙලාලු. ඒක පඩි ලැබෙන එකක් නෙවෙයි, හැබැයි ස්වෙච්ඡා එකක්ලු. මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලෙ කොල්ලො තුන්දෙනාටම හැමවෙලාවෙම කෑගහන්නෙ 'මොන මගුලක්ද මේ ? හැමවෙලාවෙම මොබයිල් එක දිහා බලාගෙන ඔබ ඔබා ඉන්නවා. ප්‍රශ්නයක් ඇහුවහමත් උත්තර දෙන්නෙ ෆොන් එක දිහා බලාගෙන' කියලලු. කරුමෙක මහත කියන්නෙ මහින්ද මහත්තයත් දැන් ඒ වගෙලු.
උදේ පහට අවදිවෙන මහින්ද මහත්තයා කැඳ එකක් හරි කෝපි එකක් හරි එනකං සාලෙට වෙලා ඉඳගෙන ඉස්සෙල්ලාම කරන්නෙ ෆේස්බුක් යන එකලු. කැඳ එක ආපුවහම එක අතකින් එ්ක අරගෙන අනෙක් අතින් ෆෝන් එක තියාගෙන කැඳ එක දිහා බලන්නෙත් නැතුව බොනවලු. ඊට පස්සෙ ජොගින් යන්නෙත් ෆෝන් එක ට්‍රැක් බොටම් එකේ දාගෙනලු. විනාඩි දහයෙන් දහයට නැවති නැවති කරන්නෙ ෆෝන් එකෙන් ෆේස්බුක් එක බලන එකලු. තනියම හිනාවෙනවලු. පී.එස්.ඩී. එකේ කට්ටියටත් දැන් වැඩේ පුරුදුයිලු. ඒ අයත් වැඩිපුර ඉන්නෙ ඒ අයගෙ ෆෝන්වලලු.
 
ජොගින් ගිහිල්ලා ඇවිල්ලා උදේට කනකොට තමයිලු ශිරන්ති මැඩම් එන්නෙ. දෙන්නා කතාවක් බහක්වත් නැතුව දෙන්නගේ ෆෝන් දිහා බලාගෙන තියන ඕන දෙයක් කනවලු. ඉඳලා හිටලා කතාකළත් ඒ ෆේස්බුක් එකේ තියන දෙයක් ගැනලු. අම්මගෙයි තාත්තගෙයි මේ වැඩේ නිසා කොල්ලො තුන්දෙනා දැන් හෙන කචල්ලු. උන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙත් ෆෝන්එක දිහා බලාගෙනමලු. මේ ළඟදි ලොක්කා කියනවලු නාමල්ට 'මට කෙලෙව්වේ ෆේස්බුක් එක. දැන් මං හොයාගෙන තියෙන්නෙ කොහොමද මේකෙන් ගොඩ ඒගන්නෙ කොහොමද කියලා.' ආඩම්බරකාර තාත්තගෙ ඒ කතාවට නාමල් මුකුත් කිව්වෙ නැහැල්ලු. කතාව අහගෙන හිටපු ශිරන්ති මැඩම් කිව්වලු 'අර වශීබෝලෙ මිරික මිරික හිටපු කාලෙ දැන් වගේ ෆෝන් එක ඔබ ඔබ හිටියා නං තාමත් අපි ගොඩ' කියලා.
 
මහින්ද රාජපක්ෂව හම්බවෙන්න එන මිනිස්සුන්ටත් හරිම ප්‍රශ්නයක්ලු, එතුමගෙ ෆේස්බුක් ඇබ්බැහිය. වැදගත් කතාබහක් යන අතරතුරත් මෑන්ගෙ වැඩේ මොබයිල් එක ඔබන එකලු. මොබයිල් එකට එන කෝල්වලට ආන්සර් කරලා තප්පර ගාණෙන් කට් කරනවාලු. තනියම ඉන්න පුදුම කැමැත්තක්ලු තියෙන්නෙ. සෝෆාවෙ එක පැත්තකට වෙලා මහින්දත් අනෙක් පැත්තට වෙලා ශිරන්තිත් දවසෙ වැඩිවෙලාවක් කරන්නෙ මූණුපොතේ රස්තියාදු ගැහීමලු.
 
ජනවාරි පළමුවෙනිදා කොල්ලො තුන්දෙනා ඇවිල්ලා වැන්දහම මහින්ද කියනවාලු 'මේ අයිෆෝන් එක පොඩි වැඩී, මට හොඳ ලොකු ස්ක්‍රීන් එකක් තියන එකක් ගෙනත් දෙන්න' කියලා. තාත්තගෙ ඉල්ලීමට කොල්ලො තුන්දෙනා මූණට මූණ බලාගත්තලු. 'මුන් මට ගේම දුන්නෙ ෆේස්බුක් එකෙන්. මමත් මුන්ට ගේම දෙන්නෙ ෆේස්බුක් එකෙන්' කියලා තමයිලු හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ 2017 අවුරුද්දෙ වැඩ ඇල්ලුවේ.
 
මේක විහිලුවක්ම නෙවෙයි මහින්ද කියන්නෙ අමුතුම ටැලන්ට් එකක් තියන බුවෙක්. ලඟදිම මහින්ද එඩිටර්කම කරන වෙබ්සයිට් එකක් එන්නත් බැරි නෑ. මෑන් කියනවා නේ 2017 එයා මේ ආණ්ඩුව පෙරළනවා කියලා. මරාව විහිලුවකට ගන්න එපා. සතා දරුණුයි.
Top