1150 x 80 px

පිස්සුද මල්ලී, සයිටම් කියන්නේ ආණ්ඩු පෙරලන්න තියෙන චාන්ස් එකක් – නාමල් රාජපක්ෂ

සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් පිරිසක් පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණගැහුනා. ඒ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපතිවරයා විදියට නාමල් මන්ත්‍රීතුමා තරුණයන්ගෙ ප්‍රශ්න ගැන සංවේදී නිසා.

 

සයිටම් සිසුන්ගෙ බලාපොරොත්තුව උනේ තමන්ගෙ අධ්‍යාපන ගැටලු ගැන මන්ත්‍රීවරයා දැනුවත් කරලා මොකක් හරි විසඳුමක් හොයාගන්න.

සිසුන් සයිටම් ආයතනයේ ඉතිහාසය ගැනයි, වර්තමානයේ තමන්ට තියන ප්‍රශ්න ගැනයි නාමල් මන්ත්‍රීවරයාට එකින් එක පැහැදිලි කරලා අන්තිමට කිව්වා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. නමුත් මන්ත්‍රීවරයාගෙන් ලැබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක්.

'පිස්සුද මල්ලී අපි සයිටම් එක පාවිචිචි කරලා ආණ්ඩුව පෙරළන්න යන්නෙ' කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වම සයිටම් සිසුන්ට උඩ-බිම බැලුණා.

සාකච්ඡාවට එකතුවුනු එක සයිටම් සිසුවෙක් මන්ත්‍රීවරයාගෙන් මෙහෙම ඇහුවා. 'එතකොට මන්ත්‍රීතුමා, නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ඡන්ද වැඩවලට දුන්නු මිලියන 50 ගැන මොනවද කියන්නෙ. ඔබතුමාගෙ තාත්තගෙ අතින්ම නේද සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව දුන්නෙ. මන්ත්‍රීතුමාට ඒවා අමතකද ?'

මෙම ප්‍රශ්නයෙන් කලබලයට පත්වී ඇති නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, 'ඒ මොනවා උනත් දැන් වැඩක් නෑ. ඒ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. ආණ්ඩුව පෙරළන්න තියන එකම චාන්ස් එක මේක. ඒකනිසා සයිටම් විරෝධය අතාරින්න බෑ.' කියාය.

Top