Untitled 1

'තවත් පිස්සො නං එපා, ඉන්න පිස්සො ටික හොඳටම ඇති'
පහුගිය දවසක ජනාධිපතිවරයා හමුවී ඇති යහපාලන රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ආයාචනයක් කර තිබේ. 
'පූජිත් ජයසුන්දර කියන්නෙ ඉතා හොඳ මනුස්සයෙක්. සාමාන්‍ය මිනිස්සු අතර හරිම ජනප්‍රියයි. රට-ජාතිය-ආගම ගැන හොඳ ඇල්මක්, අවබෝධයක් තියන කෙනෙක්. ඒවගේ උණුවෙන හිතක් තියන කෙනෙක්ට පොලිස්පතිකම වගේ එකක් කරන්න අමාරුයි. ඒක නිසා අපි පූජිත්ව දේශපාලනයට ගෙනාවොත් නරකද ජනාධිපතිතුමා' යනුවෙන් පවසත්ම, ගත්කටටම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, 
 
'අපොයි, අපොයි......... මේ ඉන්න පිස්සො ටික ඇති.... තවත් පිස්සො නං එපා. අපි පූජිත්ව පොලිස්පතිකමට පත්කළේ පොලීසියට භාවනා කරන හැටි කියලා දෙන්නෙ නෙවෙයි, අපරාධ මැඩලන්න. නමුත් පූජිත් කළේ පොලීසියෙ වැඩ සම්පූර්ණයෙන්ම අවුල් කරපු එක. ඒවගේ කෙනෙක්ව දේශපාලනේට ගෙනල්ලා පොලීසියට වෙච්ච දේ දේශපාලනේටත් කරගන්න මට ඕන්නෑ' කියාය.
 
අවසානයේ පූජිත් ජයසුන්දර වෙනුවෙන් කතාකිරීමට පැමිණි ජ්‍යෙෂ්ට ඇමතිවරයා ජනාධිපතිවරයට බැගෑපත් වී ඇත්තේ 'බැරිද සර්, පළාත් සභාවටවත් නොමිනේෂන් දෙන්න' කියාය. එවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ 'නම්බුකාර විදියට පොලිස්පතිකමෙන් ඉල්ලා අස්වුනොත් කොහෙ හරි රටක තානාපතිකම වගේ දෙයක් පිලිබඳව සලකා බලන්න පුලුවන්' යනුවෙනි.
 
තමා හා ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් සියලු තොරතුරු අදාල ඇමතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. අවසානයේ පොලිස්පතිවරයා බැගෑපත්වී තිබෙන්නේ තමාට ආණ්ඩුකාර පදවියක් හෝ ලබාදීමට පොරොන්දු වේ නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
Top