1150 x 80 px

දෙවනි කොලේ ගෙදර දාලා ඇවිල්ලා මහින්ද කරපු කතාව
හිටපු ජනාධිපති, කු.පා.ම. මහින්ද රාජපක්ෂ මේ දවස්වල පකිස්තානෙ ගිහිල්ලා බරසාර කතාවක් කළාය කියලා එතුමගේ මාධ්‍ය අංශය අද අඬබෙර ගහලා තිබ්බා. ඒක එලකිරි කතාවක් ලු. මහින්දතුමා ඇස්ටි හැලෙන්ඩ කතාව දීලා ඇද්දලු. පකිස්තාන්කාරයො හිටගෙන අත්පුඩිත් ගැහුවලු. 
මේක දැක්ක අපේ මාධ්‍ය අංශයෙ කෙනෙක්ට පරණ කතාවක් මතක් උනාලු. 
 
ඒක වෙලා තියෙන්නෙ මීට අවුරුදු හතර පහකට ඉස්සෙල්ලා. ලංකාවෙ ප්‍රධානතම ව්‍යාපාරික සඟරාවක් වන BUSINESS TODAY වාර්ෂිකව සංවිධානය කරන වසරේ හොඳම ව්‍යාපාර සඳහා සම්මාන දෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා උනේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ.
 
උත්සවයට කලින් දා ජනාධිපතිතුමාගෙ කතා ලියන ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු, සම්මාන උළෙලේ කරන්න ඕන කතාව ලියලා ටයිප් කරලා මහින්දගෙ අතට දෙනගමන් කිව්වලු 'අනේ සර්, මේක වෙන තැන්වල කරන කතාවක් වගේ නෙවෙයි, රටේ ඉන්න හොඳම බිස්නස්කාරයො එන එකක්. ඒක නිසා අඩුම ගානෙ මේ කතාව එක සැරයක්වත් කියවන්න. නැත්තං වස ලැජ්ජාවක් වෙන්නෙ' කියලා.
 
'හරි, හරි බං....' කියලා මහින්දතුමා කතාව දෙකට නමලා කොහෙද ෆයිල් එකක් අස්සෙ ගහගත්තලු. ඊළඟ දවසෙ උත්සවේට යන්න ලෑස්ති වෙලා දනිපනි ගාලා කතාව හොයාගෙන සාක්කුවෙ ඔබාගෙන උත්සවේට ගියාලු. පස්සෙ ප්‍රධාන ආරාධිත දේශනය සඳහා ආරාධනා කරපුවාම මහින්ද නැගිටලා ගිහිල්ලා කොලටිකත් දිගෑරගෙන කතාව පටන් ගත්තලු. පළවෙනි කොලේ ඉවර කරලා දෙවනි කොලේ බලද්දි තියෙන්නෙ තුන්වෙනි කොලේ ලු. කෙලියා තාප්පෙට, දෙවනි කොලේ මිසිං ! නොකර සද්ද, ආයෙත් තුන්වෙනි කොලේ ඉඳන් කියෙව්වලු. සභාවෙ අයත් එකිනෙකා මූණට මූණ බලා ගත්තලු. මහින්ද ඒක නොදැක්ක විදියට දිගටම කියවගෙන ගියාලු. පස්සෙ, කතාව ඉවර කරලා ඇවිල්ලා වාඩිඋනාලු. නමුත් කවුරුත් ඇහුවෙ නැහැල්ලු සර්ට කොලයක් මිස් උනාද කියලා.
 
මාධ්‍යකාරයෝ ඒක අහන්න කලින් මහින්ද ම කිව්වලු 'බලනවා අයිසෙ, වෙච්ච මගුල. මම ඊයෙ රෑ නිදිමතේ ඉඳිද්දි අපේ ඩොක්ට සුනිමල් මට මේ කතාව ගෙනත් දුන්නා. මමත් ඒක බලන්නැතුව ෆයිල් එකේ දාගත්තා. මිනිහට අමතක වෙලා මට දෙවනි කොලේ දීලා නෑ නෙ. මට මාර නෝන්ඩියක් උනේ' කියලා තමන්ගෙ වරද සුනිමල් ප්‍රනාන්දු මහත්තයගෙ පිටින් දාලා ෂේප් උනාලු.
 
පස්සේ උත්සවය සංවිධානය කරපු අය කොලටික සම්පූර්ණ එකතු කරගෙන මහින්දතුමාගෙ කතාව ඊළඟ කලාපෙ පළ කළාලු.
Top