1150 x 80 px

ඩෝරාවෙන් උසාවි එන කොමදෝරු දසනායක

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත් අඩංගුවට ගැණිනි. ඒ, 2008 වසරේදී දමිළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමට අදාල නඩුව සම්බන්ධයෙනි. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝග මත ඔහුව අත් අඩංගුවට ගැණුනේ වැලිසර නාවික රෝහලේ දී ය.

තමන් අත් අඩංගුවට ගැනීමට නියමිත බවට නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසක් හරහා කොමදෝරුවරයාට තොරතුරු ලැබී ඇති අතර එසැණින් ඔහු වැලිසර නාවික රෝහලට ඇතුළත් වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ නාවික හමුදා වෛද්‍යවරයකුගෙන් කොමදෝරු දසනායකට ඇති රෝගය කුමක්දැයි විමසා ඇති අතර ඒ මොහොතේ වෛද්‍යවරයා "මෙයාට ඇති ඉහෙන් බහින ලෙඩක් නම් නෑ, ඒත් ඩෝරා එකේ යනකොට කොන්ද රිදෙනවා ලු " යනුවෙන් පවසා ඇත. අසා සිටි සියල්ලන් සිනහවේ ගිල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ "ඉතිං ඩොක්ටර්, ඩෝරා එකේ නෙවෙයිනෙ මෙයා උසාවි යන්නේ ..." යනුවෙනි.

Top